සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චොදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අද දෙරණ 

මැතිවරණ දිනය ගැන නිල නිවේදන නිකුත් නොකෙරෙයි

  පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශයක් කළ ද ඒ පිලිබඳ පවතින නීතිමය ගැටළුවක් නිසා නිල වශයෙන් නිවේදනය කිරීම මෙතෙක් සිදුකොට නැති බව දැනගන්නට ඇත. මෙම දිනය මැතිවරණ කොමිසමෙන් තීරණය කොට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට දැනුම් දුන් විට ඔවුන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු බව කියති. එම නිවේදන…

තෙල් ගන්න සල්ලි නැහැ ; විදුලිය කැපීම අඩු කරන්න බැහැ ; විදුලිබල මණ්ඩලය දන්වයි

  නොකඩවා විදුලිය සැපයීමට අවශ්‍ය බලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ඉන්ධන සපයා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නැති නිසා උසස් පෙළ විභාග සමයේ විදුලි කැපීම අඩු කිරීමේ ඉල්ලීම ඉටුකළ නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ. විදුලි කැපීම සම්පුරණයෙන් නතර කිරීමට රුපියල් බිලියන 6.7 ක් මුදලක් අවශ්‍ය වන බව මණ්ඩලය දන්වා…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන බදාදා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය. මේ අතර, කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුතුව කථානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීම පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදු…

උද්ධමනය පහළට –

  ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය සියයට 5.8 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට 65 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස සියයට 59.2 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ…

මැතිවරණ දිනය ගැසට් කර නෑ – ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා

  මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි කී ප්‍රතිභා මහානාම හේවා මහතා එලෙස ගැසට් නිවේදනය…

කොමිෂන් සභා පත් කරන්න ව්‍යවස්ථා සභාව අද රැස්වේ

  ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (23) රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයෝ  තිදෙනාද පසුගිය සතියේදී පත් කරනු ලැබූහ. ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න එම  තිදෙනාය. එම නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගිය 18…

මැතිවරණ දින තීන්දුව නීති විරෝධී යි ; රැස්වීමේ ගණපුරණය නැහැ ; අධිකරණයට පෙත්සමක් ?

  පළාත් පාලන මැතිවරණය සඳහා මාර්තු 9 දා දිනය තීන්දු කිරීම නීත්‍යනුකුල නොවන බවට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කිසියම් පිරිසක් සුදානම් වන බව තතු දත් ආරංචි මාර්ග කියයි. මැතිවරණ කොමිසමේ ගණපුරනයකින් තොර රැස්වීමක දී එම තීන්දුව ගෙන තිබීම මෙම පෙත්සමට පදනම වී තිබේ. එම තීරණය ගත්   රැස්වීමට සහභාගී වී ඇත්තේ කොමිසමේ සාමාජිකයින් පස් දෙනාගෙන් දෙදෙනකු…

උපයෝගිතා කොමිසම රැස්වෙන්න පෙර සභාපති තීන්දු දීලා ; කොමිසමේ සාමාජිකයින්ගෙන් පැමිණිලි

  මහජන උපයෝගිතා කොමිසමට කැබිනට් මණ්ඩලය යැවූ මාර් ගෝපදේශ සම්බන්ධයෙන් තීරණ ගැනීමට කොමිසම රැස්කරන ලද්දේ ජනවාරි 12 දා වුවත්, එම කැබිනට් තීරණ කොමිසම ප්‍රතික්ෂේප කරන බව ජනවාරි 5 දා සිට මාධ්‍යයට ප්‍රකාශ කරමින් කොමිසමේ සභාපති බලය ඉක්මවා ක්‍රියා කළ බව එහි සෙසු සාමාජිකයින් පැමිණිලි කොට ඇත. ජනවාරි 12 දා රැස්වීමේ දී ද තමන්ගේ මතයට කන්…

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් පාවිච්චි කිරීමම නෙවෙයි – වජිර

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට වඩා රටේ දියුණුව වෙනුවෙන් කළයුතු වෙනත් බොහෝ දෑ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. “1987 මේ වගේම නාමයෝජනා පත්‍ර භාරගත්තා, නමුත් මැතිවරණයක් තිබුණෙ නෑ. එතකොට මේ රටේ ඉතිහාසය තුළ විවිධ අවස්ථා තිබෙනවා රටේ පීඩනය ආපු වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කරපු. බොහෝ අය හිතන්නෙ ඡන්දයක්…

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට මැර තර්ජන

    මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපිටියේ පිහිටි කොමිෂන් සභා පරීශ්‍රයට ගිය අවස්ථාවේදී එහි සාමාජිකයන් තිදෙනකුට එරෙහිව විරෝධය දක්වමින් කොමිෂන් සභාවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ සහ මොහාන් සමරනායක යන මහත්වරුන්ට බැණ තර්ජනය කළේ යැයි කියන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ…

උපයෝගීතා කොමිසමේ සභාපති බලය ගැන මිත්‍යාවක : නීතිය තිබෙන්නේ සාමාන්‍ය පනතක : ව්‍යවස්ථාවේ නොවේ

  මහජන උපයෝගිතා කොමිසම වෙනත් ස්වාධින කොමිසන් සභා මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ආයතනයක් නොව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පනතකින් පිහිටුවා ඇති ආයතනයක් නිසා ඒ පිළිබඳව තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට ඇති බලයට අභියෝග කළ නොහැකි බවත්, උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඔහුගේ බලය ගැන අධි විශ්වාසයක සිට කටයුතු කරන බව පෙනී යන බවත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ…