ප‍්‍රතිඥා දුන්නට ඡන්දෙ තියන්න බෑ ; අපට සමාවන්න – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

  එළැඹෙන මාර්තු මස 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. මුදල් නොමැති වීම හේතුවෙන් එසේ මැතිවරණය පැවැත්වීම නො හැකි බව අධිකරණයට දැනුම් දෙනු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. මාර්තු මස 09 දා පළාත් පාලන මැතිවරණය ස්ථිර…

චීනයේ සහතිකය වෙනුවට ශ්‍රී ලංකාවෙන් සහතිකයක් – අයි එම් එෆ් ණය ගන්න හැටි මහ බැංකු අධිපති කියයි

  ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගැනීමට චීනයෙන් ශක්තිමත් සහතිකයක් නොලැබුන හොත් ශ්‍රී ලංකාවෙන් එම සහතිකය ලබා දීම මගින් ණය අනුමත කර ගත හැකි වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. සියලු ණය හිමියන් වෙත ශ්‍රී ලංකා රජය ලබා දෙන එම සහතිකය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කිසිදු රටකට විශේෂ සැලකිල්ලක්…

සජබය සමස්ත ජනතාව කොළඹට කැඳවයි

  පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව  20 වැනිදා කොළඹට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සජබ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා මේ බව ප්‍රකාශ කළේය. 20 දා , සඳුදා ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්යංශය වටලා විශාල උද්ඝෝෂණයක් කිරීමට එම පක්ෂය සැලසුම් කොට ඇත.  

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

  සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ලබන පරාජය හේතුවෙන් කලබල වී සිටින බවත් ඒ හේතුවෙන් මාලිමාවට වෛර කරන තැනට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා කුමක් පැවසුවද මැතිවරණය පවත්වනවාට ඔහු යට හිතින් විරුද්ධව බවත් පරාජය හමුවේ වැඩීම කලබල වී සිටින්නේ පේමදාස මහතා බවත් හෙතෙම පැවසීය….

පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට

පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර,ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ…

ඡන්දය 2024 දක්වා කල් යනවා – වජිර අබේවර්ධන

  පළාත් පාලන ඡන්දය 2024 වර්ෂය දක්වා කල් යාමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත් ප්‍රකාශ කරයි. ගාලු දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ඡන්දයට් තරග වදින එජාප අපේක්ෂකයින්ගේ රැස්වීමක් ගාලු නගර සභා ශ්‍රවණාගාරයේ දී අමතමින් අබේවර්ධන මහතා කීවේ මෙම තත්ත්වය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතා දැමීම වඩාත් සුදුසු බවයි. ඡන්දය ලබන…

මැතිවරණ වැඩ සියල්ල නවතා දමයි ; කොමිසමෙන් දැනුම්දීමක්

  පළාත් පාලන මැතිවරණය සඳහා අනුයුක්ත කළ සියලු සේවකයින් සහ වාහන නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දී තිබේ. එමෙන් ම මැතිවරණ කටයුතු සඳහා සේවකයින් අතිකාල සේවයේ යෙදවීම ද වහා ම ක්‍රියාත්මක වන සේ නවතා දමා තිබේ. රජයේ නිවාඩු දිනවල සිදුකළ රාජකාරි කටයුතු ද වහා ම ක්‍රියාත්මක වන ලෙස…

වසර අවසන්වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන වේවි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය…

රනිල්ට නායකත්වයෙන් ඉවත්වන්න එජාපයට නව ව්‍යවස්ථාවක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කොට ඇති නිසා එයට ඉඩ සැලසීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තීරණය කොට තිබේ. එජාප නායකයා ලෙස නොව සියලු ජනයාගේ නායකයා ලෙස ක්‍රියා කිරීමට ඉඩ ලබා ගනිමින් පක්ෂ නායකත්ව වගකීම් වලින් නිදහස් වීමට කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට දැනුම් දී තිබේ. තම ක්‍රියා කරන්නේ…

මාර්තු 9 ඡන්දය තියන්න බෑ – මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ?

  කලින් නියම කරගත් පරිදි පළාත් පාලන ඡන්දය මාර් තු 9 දින පැවැත්විය නොහැකි බව මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති පෙත්සම් විභාගවල දී මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණයේ සියලු කටයුතු නියමිත පරිදි සිදුකරන බවයි. කෙසේ වෙතත්, මාර්තු 9 දින මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ…

චීනයේ ණය සහතිකය නොමැතිව ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සුදානම්

  චීනයේ ණය සහතිකය නොමැතිව ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලක බලමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමේ අනෙකුත් සියලු කොන්දේසි සපුරා තිබීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. එසේ මුල්‍ය අරමුදල චීන සහතිකය නොමැතිව ණය අනුමත කළහොත් මාර්තු මාසය වන විට මෙරටට එම නය…

ඡන්දෙට මුදල් දීම අසීරු බව නිල වශයෙන් දැනුම්දෙයි

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදිය. පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් සමගින් අත්‍යාවශ්‍ය සේවා…