මැතිවරණ වැඩ සියල්ල නවතා දමයි ; කොමිසමෙන් දැනුම්දීමක්

 

පළාත් පාලන මැතිවරණය සඳහා අනුයුක්ත කළ සියලු සේවකයින් සහ වාහන නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

එමෙන් ම මැතිවරණ කටයුතු සඳහා සේවකයින් අතිකාල සේවයේ යෙදවීම ද වහා ම ක්‍රියාත්මක වන සේ නවතා දමා තිබේ.

රජයේ නිවාඩු දිනවල සිදුකළ රාජකාරි කටයුතු ද වහා ම ක්‍රියාත්මක වන ලෙස නවතා දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *