සජිත් සමග සජබ ගෙඩිය පිටින් ආණ්ඩුවට එන්න කතා ; එජාප පිරිසක් විරුද්ධ වෙති !

  සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් ම ආණ්ඩුවට සහය දීමට සාකච්ඡා කරමින් සිටින නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පිරිසක් එයට විරුද්ධ වී ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එම පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත් වීමත් සමග මෙම නව තත්ත්වය වර්ධනය වී ඇත. ආණ්ඩුවේ පිරිසක් සහ සජිත්ට හිතවත්…

ලංකාවේ ආර්ථිකය ටික ටික හරි මඟට – ආසියානු සංවර්ධන බැංකුව

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මන්දගාමී ලෙස ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම ආරම්භ කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත. ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් හැකිලුනු බවත් මෙම වසරේදීද මෙරට ආර්ථිකය හැකිලෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා…

‘සජිත්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දිලා’ ! – රෝහිත අබේගුණවර්ධන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දි ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) කළුතර දිස්ත්‍රීක් නායක රෝහිත අබේගුණවර්ධන පවසයි. ”එදා එක්සත් ජාතික පක්ෂය එකෙන් කඩාගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා හැදුවේ. හැබැයි දැන් එතුමාට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දිලා, සජිත් ප්‍රේමදාස මහත්තයව දාලා එතුමාගේ සජබේ සමහරු ආණ්ඩුවට එකතුවෙන්න…

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල සියයට 20 කින් අඩු කරයි

ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා වැඩි දුරටත්  පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය. ඒ අනුව ප්ලේන් ටී එකක…

ඉන්ධන කෝටාව ඉහළ දමයි

  එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි මෙම ඉහළ දැමීමට අනුව අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත. මීට පෙර බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් 40 ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ…

හර්ෂට , කබීර්ට කැබිනට් ඇමති ධුර

  සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතුවන මන්ත්‍රීවරුන් අතරින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සහ කබීර් හෂීම් මහතාට කැබිනට් ඇමති ධුර හිමිවනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ආර්ථික සංවර්ධනයට අදාළ ඇමති ධුරයක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමිවන බව ද කියති. එරන් වික්‍රමරත්න මහතා ද ආණ්ඩුවට එක් වන බව වාර්තා වී ඇත. මෙලෙස…

සජබ මන්ත්‍රීන්ට සජිත්ගෙන් පාටියක් ; පක්ෂය රැකගන්න අවසන් උත්සහයක් !

  තම පක්ෂයේ මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට එකතුවීම වලකා ගැනීමේ අවසන් උත්සහයක් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බව වාර්තා වෙයි. ඊයේ (3) රාත්‍රියේ මෙම භෝජන සංග්‍රහය පවත්වා ඇත්තේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් ඉම්පීරියල් හෝටලයේ දී ය. ආණ්ඩුවට එක්වන බවට වාර්තා වූ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම භෝජන…

ආර්ථික අර්බුදය අවසන් කියා සිතන්න එපා – මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන

  සමහර පිරිස් නොයෙකුත් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ රටේ ආර්ථික අර්බුදය දැන් අවසන්ව ඇතැයි සිතාගෙන බව පෙනී යන්නේ යයි ද, එවැනි තත්ත්වයක් නැති අතර තවමත් රට ගෙනියන්නේ ඉතා අමාරුවෙන් බව ද, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. රජයේ වියදම් සපයා ගැනීමට මුදල් අමාත්‍යංශයට විශාල වෙහෙසක් දරන්නට සිදු වී ඇති බව ද ඒ මහතා කී…

රනිල් යලි ජනපති කරන්න පොහොට්ටු මන්ත්‍රීන් බහුතරය කැමතියි – ඇමති කාංචන විජේසේකර

  ඉදරියේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහත නැවතත්, ජනාධිපති ලෙස පත් කළ යුතු බව පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ එම අදහසේ කිසිදු වරදක් ඇතැයි තමා නොසිතන බවයි. උද්ඝෝෂණවලට තමා විරුද්ධ නැති බවත්, දශ දහසක් නොව ලක්ෂයක් ගෙනත්, උද්ඝෝෂණ කළත් ප්‍රශ්නයක් නැති බවත්,…

ඉදිරි මාස දෙක තුළ පොලී අනුපාත පහළට

  බැංකු පොලී අනුපාත ඉදිරි මස දෙක තුළ පහත දැමීමට මහ බැංකුව සැලසුම් කොට ඇති බව එක්සත් ජාතික පක්ෂ නුවරඑලිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය. පසුගිය දිනවල තම මහ බැංකු අධිපති හමු වී සාකච්ඡා කළ බවත් එහි දී මහ බැංකු අධිපතිවරයා මෙම කරුණු පැවසු බවත් දිසානායක මහතා කියයි. පොලී අනුපාත මුල් අවස්ථාවේ සියයට…

ඉදිරි මාස දෙකේ දී ප්‍රබල පනත් තුනක් ගේනවා – ජනාධිපති

  ඉදිරි මාස දෙකක කාලය තුළ වැදගත් පනත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. දුෂණ විරෝධී පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත සහ සත්‍ය සෙවීමේ සහ ප්‍රති සන්ධාන කොමිසන් සභා පනත එලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ. මෙම පනත් සම්බන්ධ අධිකරණ විමසුම්වලට ඉඩ ලබා දිය යුතු නිසා පනත් තුන…

ලිට්රෝ ගෑස් මිල පහතට

ගෑස් මිල සූත්‍රයට අනුව හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රො ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 1000කින් අඩු කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සභාපති  මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ. සභාපතිවරයා කියා…