හර්ෂට , කබීර්ට කැබිනට් ඇමති ධුර

 

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතුවන මන්ත්‍රීවරුන් අතරින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සහ කබීර් හෂීම් මහතාට කැබිනට් ඇමති ධුර හිමිවනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ආර්ථික සංවර්ධනයට අදාළ ඇමති ධුරයක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමිවන බව ද කියති.

එරන් වික්‍රමරත්න මහතා ද ආණ්ඩුවට එක් වන බව වාර්තා වී ඇත.

මෙලෙස තමන්ට ඇමති ධුර නොදී සජබ පිරිසකට ඇමති තනතුරු දීම ගැන පොහොට්ටුවේ පිරිසක ගේ විරෝධය ප්‍රකාශ වී ඇති බව ද දැනගන්නට ඇත. ඔවුන් විපක්ෂයට යන බවට තර්ජනය කොට ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *