ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට 53.6ක් ලෙස දැක්වුණි. පෙබරවාරි මාසයේදී සියයට 49ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 42.3ක් දක්වා අඩුවී ඇත. ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ සියයට 57.4ක් ව පැවති උද්ධමනය මාර්තු මාසයේදී සියයට…

වියදමට අනුව ඉන්ධන මිල , විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ඇමති අතට ගන්න – මුල්‍ය අරමුදලේ කොන්දේසියක

  වැයවන මිලට සරිලන සේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු නියම කිරීමේ වගකීම විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාට පැවරෙන සේ පවතින නීති වෙනස් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට කොන්දේසි පනවා තිබේ . මුල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් වන්නේ 2024 ජුනි මාසයට පෙර අදාළ නීති සංශෝධන කළ යුතු බවයි. මේ වන විට විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය…

දරුවන් ප්‍රාණ ඇපයට අරන් කරන විරෝධතාවලින් අයින් වෙන්න – ඩලස්

දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන විරෝධතා නොකරමින්, සංවේදිව ඔවුන්ගේ ප්‍රශ්නය දෙස බලන ලෙස සියලු පාර්ශ්වවලින් තමා ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් තත්ත්වය හා ආර්ථික අර්බුදය යන කාරණ තුන හේතුවෙන් මෙරට පුරවැසියන් වසර පහක් තිස්සේ දුක් විඳින බවත් ඒ අතුරින් වැඩියෙන්ම පීඩාවට ලක් වූයේ දරුවන්…

|

ශ්‍රී ලංකාවේ දිළිඳු සහන තුන් ගුණයකින් වැඩි කළ යුතුයි – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි.

  ශ්‍රී ලංකාවේ පහළ ම ආදායම් ලබන ජනයාට රජයෙන් ලැබෙන සහනාධාර මගින් ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ වියදමින් සියයට 12 ක් පමණ බවත්, මෙය පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 30 ට වඩා විශාල ලෙස අඩු බවත්, ඉදිරි කාලයේ මෙම සහන ඉහළ මට්ටමකින් පවත්වා ගත යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් එකඟතාවයේ…

සිසු ජීවිත ප්‍රාණ ඇපයට ගන්නා සරසවි ඇදුරන්ට සජබයත් එරෙහි වෙයි

  සිසුන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එකඟ විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය. උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ප්‍රතික්ෂේප කිරීමේ සරසවි ආචාර්යවරුන්ගේ ක්‍රියා මාර්ගය පිළිගත නොහැකි බව කී ඒ මහතා වෘත්තීය සමිති තම ඉල්ලීම් දිනා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග සොයා ගත…

හැමදේටම ඉඩදීලා බලන් ඉන්න බෑ – ජී එල් ට , ඩලස් ට අස්ගිරි අනු නාහිමියෝ කියති

අසීමිත නිදහස තුළින් ජනතාව අසීරුතාවට පත්වන්නේ නම් ඊට ඉඩ ලබාදීමට රජයකට නොහැකි බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි පවසයි. රටේ නීතිය ආරක්ෂා කරගනිමින් පාලනය ගෙනයාමේ දී යම් යම් තීන්දු තීරණ ගැනීමට රජයකට සිදුවන බවද උන්වහන්සේ පෙන්වාදෙයි. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පවතින අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු…

ලංවිම තියෙන මොඩලයෙන් තවදුරටත් යන්න බැහැ – ප්‍රතිව්‍යුහගතකිරීම අත්‍යවශ්‍යයි (VIDEO) – ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය

රට තුළ පවතින වෘත්තීය සමිතිවලින් ඇති බලපෑම වළක්වා ගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. අද උසස් පෙළ උත්තර පත්‍ර බැලීමත් සිදුවන්නේ වෘත්තීය සමිතිවල කැමැත්ත අකමැත්ත අනුව වන අතර ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද පවතින මොඩලයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත්…

ප්‍රතිත්‍රස්ත පනත රටේ පොදු ජනතාවගේ ආරක්ෂාවටයි – අධිකරණ ඇමති ඇමෙරිකානු තානාපතිනියට කියයි

  ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමේ රජයේ අරමුණ මේ රටේ පොදු ජනතාව ආරක්ෂා කිරීමට බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍යාංශයේදී අද(20) ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජුලී චන්ග් මහත්මිය හමුවූ අවස්ථාවේ දී ය. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව හා මේ වන…

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලවන්න අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පක්ෂ නායක බහුතරය එකඟයි – මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එකඟ නොවන්නේ නම්, ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි අධ්‍යාපනය අත්‍යවශ්‍යය සේවාවක් බවට පත් කර හෝ සිසුන්ගේ ප්‍රශ්නය විසඳිය යුතු  බවට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් බහුතරය අදහස් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි. එකිනෙකට නොගැලපෙන ඉල්ලීම් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන යන්නේ සාධාරණ වෘත්තීය අරගලයක්…

උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයිමට ජනපති අත ගසයි

  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා…

ල.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීම ඔක්තෝම්බරයේදී අවසන්

  විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පැවසීය. ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සවර්ධන නියෝජිත ආයතන වන ආසියානු…