උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලවන්න අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පක්ෂ නායක බහුතරය එකඟයි – මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම්

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එකඟ නොවන්නේ නම්, ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි අධ්‍යාපනය අත්‍යවශ්‍යය සේවාවක් බවට පත් කර හෝ සිසුන්ගේ ප්රශ්නය විසඳිය යුතු බවට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් බහුතරය අදහස් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.
එකිනෙකට නොගැලපෙන ඉල්ලීම් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන යන්නේ සාධාරණ වෘත්තීය අරගලයක් ද යන්න ප්‍රශ්නයක් බව කී ඒ මහතා ඒ ගැන කම්කරු කොමසාරිස් වරයාගේ අවධානය යොමු කළ යුතු බව යෝජනා කළ බව ද කී ය.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතා කළ ප්‍රකාශයක දී ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේය.
