දරුවන් ප්‍රාණ ඇපයට අරන් කරන විරෝධතාවලින් අයින් වෙන්න – ඩලස්

දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන විරෝධතා නොකරමින්, සංවේදිව ඔවුන්ගේ ප්‍රශ්නය දෙස බලන ලෙස සියලු පාර්ශ්වවලින් තමා ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් තත්ත්වය හා ආර්ථික අර්බුදය යන කාරණ තුන හේතුවෙන් මෙරට පුරවැසියන් වසර පහක් තිස්සේ දුක් විඳින බවත් ඒ අතුරින් වැඩියෙන්ම පීඩාවට ලක් වූයේ දරුවන් බව අප අමතක නොකළ යුතු බවත් ඒ මහතා කීය.

දරුවන්ගේ පැත්තෙන් හිට ගන්න කියලා අපි සියලු කණ්ඩායම්වලින් ඉල්ලනවා. දරුවන්ගේ අනාගතයට බාධා හා හිරිහැර නොවන ලෙස සංවේදිව ප්‍රශ්නය දෙස බැලිය යුතුයි.“

අසේල කුරුළුවංශ

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *