ඇල්පිටිය පුංචි ඡන්දය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නි‍යෝග කළේය. 2018 වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වූ නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාල ඡන්ද විමසීම නොපැවැත්විණි. ඒ එම පළාත් පාලන ආයතනයේ ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් වීම හේතුවෙනි. අදාල ප්‍රාදේශීය සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික…

ගෝඨාභයට එරෙහි සොහොන් කොත් නඩුව දිනපතා විභාගයට

ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගරය ඉදිකිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කර තිබේ. නඩුව අද කැඳවනු ලැබුවේ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදීය. ගෝඨාභය රාජපක්ෂ…

රනිල් පිලේ ප්‍රහාරයෙන් ඇද වැටුණු සජිත් පිල ගොඩගන්න ජනාධිපති වැඩට බසී

සති ගණනාවක් තිස්සේ සජිත් පිල එල්ල කළ ප්‍රහාර ඉවසා සිට රනිල් පිල එල්ල කළ දැඩි ප්‍රහාරය හමුවේ බරපතළ පසුබෑමකට ලක්ව සිටින සජිත් පිල ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී සිටී. දැනටමත් පරීක්ෂණ අවසන්කර ඇති බැඳුම්කර ප්‍රශ්නය ගැන යළි සාකච්ඡාවක් කැඳවා ප්‍රවෘත්තියක් නිර්මාණය කළේ සජිත් පිළට ඒල්ල වී ඇති ප්‍රහාර ආපසු හැරවීමේ උත්සාහයක් ලෙසටය. මේ අතර…

මීරිගම කුරුණෑගල අධිවේගී ගමන නොවැම්බරයේ සිට

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වාහන ගමනාගමනය ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කළ හැකිවන බව වාර්තාවෙයි. දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම සිට කුරුණෑගල දක්වා දිවෙන ව්‍යපෘතියේ දෙවන අදියර නොවැම්බර් මස අවසන් වීමට පෙර අවසන් කරන බැව් ව්‍යාපෘති අධ්‍යක්ෂ වී. මොහාන් මහතා පවසයි. 2017 ජනවාරි මස ආරම්භ…

රත්මලාන – පලාලි – මත්තල අභ්‍යන්තර ගුවන් ගමන් ඔක්තෝම්බරයේ සිට

රත්මලානේ සිට පලාලි දක්වා මෙන්ම මත්තල දක්වාද අභ්‍යන්තර ගුවන් සේවා ලබන ඔක්තෝබර් මාසයේ සිට ඇරඹීමට කටයුතු යොදා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. පලාලි ගුවන් තොටුපළ වැඩි දියුණු කොට විවෘත කිරීම ඔක්තෝබර් 15 වනදා සිදුවන බවත් ඒහි සිට ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමට දේශීය සමාගම් පහක් සහ ඉන්දියන් සමාගම් දෙකක් ඉදිරිපත්ව සිටින බවත් වැඩිදුරටත්…

දයාත් සජිත් එක්ක පැටලෙයි!

කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය දය ගමගේ මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කර තිබෙන තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න…

රතුපස්වල-එක්නැළිගොඩ-අවන්ගාඩ් නඩුවලට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක්

අගවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් පත්කර තිබේ.ඒ, රතුපස්වල වෙඩි තැබීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ඇවන්ගාඩ් සිද්ධියට අදාළ නඩු විභාග කිරීම සඳහායි. නීතිපති දප්පුල ද ලිවේරාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු පත් කර ඇත. ඒ අනුව රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කර…

මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් කෝටි 120ක් සජිත්ගේ ප්‍රචාරක වැඩට ? අගමැති නියමයෙන් පරීක්ෂණයක්

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෝටි 120ක පමණ මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සදහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කනු ලැබ ඇත. අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ විදලිබල බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානයක මහතා විසින් කරන ලද කරුණු දැක්වීමකින්…

සුරක්ෂා වෙතින් මේවන විට සිසුන් 23,800කට මිලියන 1,150ක රක්ෂණ ප්‍රතිලාභ ගෙවා අවසන්

නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් තහවුරු කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ පරමාර්ථයෙන් දිවයිනේ සියලුම ජාතික, පළාත්, පෞද්ගලික හා හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ මේ වන විට ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 23,800ක් වන අතර රුපියල් මිලියන 1,150ක ප්‍රතිලාභ මුදලක් ගෙවා තිබේ. සිසු හා මව්පිය මරණ 4,000ක් සහ…

සන්ථව කාව්‍ය විචාර සම්මාන 30 දා සිකුරාදා

අධ්‍යතන කාව්‍ය විචාරය වඩාත් අර්ථවත් කරනු වස් වාර්ෂිකව පැවැත්වෙන ‘සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය’ මෙවරද කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ දී 2019 අගෝස්තු 30 වන සිකුරාදා දින සවස 3.00සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී ප්‍රධාන දෙසුම ‘2018 වර්ෂයේ ප්‍රකාශිත නූතනම කවි අස්වැන්නේ රුව ගුණ සුවඳ’ යන මැයෙන් පවත්වන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය…

අජිත් පී පෙරේරාට සුජීව සේනසිංහට එරෙහිව එජාපය විනය පියවර ගනී; මහලේකම් යැවූ ලිපි මෙන්න..!

එජාප සජිත්වාදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ දෙදෙනාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විසින් විනය පියවර ගැනීමට කටයුතු කරමින් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් ලිපි යවා තිබේ. පක්ෂයේ සාමාජිකයෙකු මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂය, එහි නායකත්වය, කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩ පිලිවෙල සහ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරමින් විද්‍යුත්…

සජිත් පාර්ශ්වය අරලියගහ මන්දිරය වැටළීමේ තීරණයක

අගෝස්තු 30 වනදාට පෙර සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් ලක්ෂයක සෙනඟක් කොළඹට රැගෙනවිත් අරලියගහ මන්දිරය වැටළීමට සජිත් පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.  පසුගිය 23 වනදා මාතරදී පැවති “සජිත් එනවා” රැළියේ සාර්ථකත්වය මත ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.  තවදුරටත් දුරබැහැර ප්‍රදේශවල රැස්වීම් පවත්වා තේරුමක් නොමැති බවත් හැකි…