මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වෙන්න සුදානමින් ?

  රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය බාරගත් සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තනතුරින් ඉල්ලා අස්වන ලෙස පක්ෂයෙන් එල්ල වූ බලපෑම් හමුවේ ආණ්ඩුවට සම්බන්ධ වීමේ සුදානමක් ඇති බව දැනගන්නට ඇත. සමගි ජන බලවේගය දිගට ම තමන්ට කෙනෙහිලිකම් කළ බවත්, තවදුරටත් එය ඉවසා සිටිය නොහැකි බවත්, ඒ මහතා සිය හිතවතුන්ට ප්‍රකාශ කොට…

ශවේන්ද්‍රට එරෙහිව කරන්නාගොඩ කමිටු නිර්දේශ එලියට !

පසුගිය වසරේ මැයි 9 සහ 10 වනදා ඇති වූ සිද්ධින් මැඩපැවැත්වීමට එවක වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. මෙම කමිටුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලබන්නේ…

මා අගමැති ධුරයෙන් අස්වෙන කතාව බොරුවක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

  තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා නැවතත් එම ධුරයට පත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් සහාය ඉල්ලා සිටි බවට පාර් ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ…

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විකුණයි ; ලොව ප‍්‍රධාන තෙල් සමාගම් තුනක් ලංකාවට

  ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ. මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබාදීම සඳහා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඉන්ධන ආනයනය කර ගබඩා කර බෙදා හැරීමේ අවසර ලබා දෙමින් ඉන්ධනහල් 150 බැගින් ලබා දීමට නියමිතව තිබේ. මේ…

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ. ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කාලෝචිත , විධිමත් ක්‍රමයක් අවශ්‍යයි – මුල්‍ය අරමුලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාලෝචිත සහ විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ණය හිමි රටවල් පොදු එකඟත්වයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත. ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය දින කිහිපයේ පැවති ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව එතුමිය මෙම අදහස් ප්‍රකාශ කොට…

දිළිඳු ජනයාට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ; පෞද්ගලික රෝහල්වල නොමිලේ වාට්ටු ඇතිකරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  දිළිඳු ජනයාට පෞද්ගලික රෝහල් සේවා ලබාගත හැකිවන පරිදි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහාත්, පෞද්ගලික රෝහල් වල නොමිලේ ප්‍රතිකාර කරන වාට්ටු ඇතිකිරීම පිළිබඳවත් රජයේ සැලකිල්ල යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇති කරන ආකාරයට ම පෞද්ගලික රෝහල්වල නොගෙවන වාට්ටු ඇතිකිරීමේ හැකියාව සොයාබලන බව ජනාධිපතිවරයා කියයි. එමෙන්ලෝ ම…

මුදල් කමිටුවෙන් මයන්ත ඉල්ලා අස්වන බව මද්දුම බණ්ඩාර කියයි !

  පාර් ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තීරණය කර ඇති බව සජබ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත. ඒ මහතා පවසා ඇත්තේ  මයන්ත දිසානායක තමාට ඒ බව දැනුම්දුන් බවයි. මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීම සඳහා මයන්ත දිසානායක තම තීරණය කතානායක…

මෙතෙක් කළ වියදම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට අතින් ගෙවන්න වෙයි ! – මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය.

  ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. 2023 පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමේ වැදගත්කම. 2023 පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.එසේ වුවද මාර්තු 3 දින ජන්දය පවත්වන දිනය නැවත ප්‍රකාශයට පත්කරන බව බවද ප්‍රකාශ කර තිබේ. 2023 පළාත්…

ඡන්දය ගැන ඉදිරි තීරණ නව මැතිවරණ කොමිසමකින්

  පළාත් පාලන ඡන්දය ගැන තීරණ ගැනීම ව්‍යවස්ථානුකුලව පත්වෙන නව මැතිවරණ කොමිසමකට පැවරිය යුතු බව වත්මන් මැතිවරණ කොමිසමේ බහුතර මතය වී ඇතයි ද, ඉදිරිතීරන ගැනීම මාර්තු 3 දක්වා කල් තබන ලද්දේ එම අරමුණින් බවත්, තතු දත් දේශපාලන අංශ කියයි. නව මැතිවරණ කොමිසන් සභාව ඇතුළු ස්වාධින කොමිසන් සභා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නාම යෝජනා කැඳවා…

මයන්ත මුදල් කමිටුව බාර ගැනීමෙන් සජබේ ර්අබුදයක්

  මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු  සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී  මයන්ත දිසානායක මහතා පක්ෂයේ ඉල්ලීම අනුව ඒ  තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී  ඇතැයි  වාර්තාවේ. මුදල් කමිටුවේ සභාපති ධූරයට  මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි. විපක්ෂයේ ප්‍රධාන…

ලංවිම ප‍්‍රතිව්‍යුහගත කරන්න සියල්ල සූදානම් ; ජාත්‍යන්තර ආයතන රැසක සහය

  ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර  ‍‍සංවර්ධන නියෝජිත ආයතනවල හමුවක් පැවැත්විණි . එම ආයතනවලින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ලබා ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් සිදු…