සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

  සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා ඉතිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තින් සමඟ රටකට ඉදිරියට යා නොහැකි වනු ඇති බව ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල නායකයකු ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය පැතුම් කර්නර් මහතා සඳහන් කරයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත වූ වසර දෙකක කාලය තුළ ආර්ථික අර්බුදය ඉතා හොඳින් කළමනාකරණය කරගෙන ඇති බවත්…

පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා කීය. ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට…

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද(22) ලබා දී ඇත….

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත. වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය. ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. වඩිවෙල් සුරේෂ්…

ජාතික උද්ධමනය දශමයකින් ඉහළට
|

ජාතික උද්ධමනය දශමයකින් ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙන අතර, 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා දශමයකින් වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන…

සජිත්ට දෙහි කපා තලතා මන්ත්‍රී ධුරයෙන් යයි

සජිත්ට දෙහි කපා තලතා මන්ත්‍රී ධුරයෙන් යයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. ඇය  ඉල්ලා අස්වෙමින් කළ  කතාවේ දී සජිත් ප්‍රේමදාස මහතා අපරිණත ලෙස සහ ඉක්මනින් ජනාධිපති වීමේ අරමුණින් ක්‍රියා කරන බවට චෝදනා කළේය .  සිදුවන විනාශයට වගකිව නොහැකි නිසා තමා ඉල්ලා අස්වන බව ද ඇය …

අධිකරණයෙන් නිදහස් කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න බැහැ – අනුර කුමාර නීතිය නොදන්නා බව දයාසිරි ජයසේකර කියයි

අධිකරණයෙන් නිදහස් කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න බැහැ – අනුර කුමාර නීතිය නොදන්නා බව දයාසිරි ජයසේකර කියයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කොට ඇති නිසා ඔහු ලංකාවට රැගෙන ඒමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පැවති  රැස්වීමක දී ප්‍රකාශ කළේය . අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට රැගෙන එන බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළ  ද එය කළ  නොහැකි බව කී  ඒ මහතා අර්ජුන්…

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !
|

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !

සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ මහා සමුළුව කොළඹදී ඊයේ (18 වැනිදා) පැවැත්වීමට සැලසුම් කළත් සෞඛ්‍ය වෘත්තිකයන් විසිදෙනකු පමණක් ඊට සහභාගී වීම නිසා සමුළුව පැවැත්වීමට නොහැකි විය. එම සමුළුව ඊයේ (18 වැනිදා) පෙ.ව. 9.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උදෑසන 10.30 වන තෙක්ම ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවීම නිසා සමුළුව කල්…

Focus රනිල් විතරයි! – ‘අරගලයේ ගායිකාව’ගෙන් අලුත් ගීතයක් (වීඩියෝ)
|

Focus රනිල් විතරයි! – ‘අරගලයේ ගායිකාව’ගෙන් අලුත් ගීතයක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (17) අනුරාධපුරයේ පැවති මංගල ජන රැළියේදී අලුත් ගීතයක් එළිදක්වනු ලැබිය. එම ගීතයට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇත. රනිල් වික්‍රමසිංහ ගේ සේවය තව දුරටත් රටට ලබා ගැනීම මේ මොහොතේ පුරවැසියන්ගේ වගකීම බව, පෙන්නෙන්ට තරම් ෆෝකස් විය යුතුයැයි පුරවැසියන්ට තරයේ යෝජනා කර සිටින…

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට

හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ ඊයේ (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මංගල රැලියටද සහභාගි වී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඒ…

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට

මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කළේය. ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.