මහින්දට දිස්ත්‍රික් ඇමතිකම එපාලු

කුරුනෑගල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට යතැයි වර්තා වු දිස්ත්‍රික් ඇමති ධුරය භාර නොගන්නා බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතාට මෙම තනතුර සදහා තවමත් ආරාධනයක් ලැබී නැති බවද ඒ මහතා පවසා තිබේ. දිස්ත්‍රික්කය  ජයගත් පක්ෂයේ ඇමතිකමක් හිමි නොවු හා වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයාට දිස්ත්‍රික් ඇමති තනතුර ලබාදීම අණ්ඩුවේ ප්‍රතිපත්තිය වශයෙන් ප්‍රකාශිතය…

උතුරේ මහ ඇමැති සමග ගනුදෙනු බෙරා ගතයුතුයි – දෙමළ සන්ධාන නායක මාවෙයි සේනාධිරාජා

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගැන එක් ජාත්‍යන්තර පරීක්ෂණයක් නිමවී තිබියදී තවත් පරීක්ෂණයක් ඉල්ලීමෙන් උතුරේ මහ ඇමැති සී වී විග්නේශ්වරන් මහතා විහිලු කාරයකු බවට පත්ව ඇති බවත් ,පක්ෂයේ තීරණවලට පිටින් කටයුතු කරන ඔහු ගැන තීරණයක් ගැනීමට සිදුවන බවත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කොට ඇත . පසුගිය මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය නොදීම…

බස්නාහිර මහ ඇමති ඉසුර , වයඹට ඩර්මසිරි

බස්නාහිර පලාතේ මහ ඇමති තනතුරට ඉසුර දෙවප්‍රිය මහතාද වයඹ මහ ඇමති ලෙස ධර්මසිරි දසනායක මහතා ද පත්කළ බව ජනාධිපති කර්යාලය අද නිවේදනය කළේය .  

මහින්ද ඇමැති වෙයිද ? ගෙදර යයිද ?

හිටපු ජනාධිපති හා දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ලබාදීමට කැමැත්ත පළකොට ඇති කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකම භාර ගන්නවද ? නැතිනම් ඉල්ලා අස්වී ගෙදර යනවාද ? කියා මේ දිනවල හිතවතුන්ගේ අදහස් විමසන බව දැනගන්නට ඇත . අපේ ආරංචි මාර්ග කියන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මාවත් තුනක් විවෘතව ඇත . පළමු…

විමල්ගේ, ගම්මන්පිලගේ විපක්ෂ පෙරමුණටත් ජනාධිපතිගේ අවසරය ඕනෑලු !

විමල් වීරවංශ , උදය ගමන්පිල ආදීන් හදන්නට යන විපක්ෂ පෙරමුණට ශ්‍රීලනිප මන්ත්‍රීන් සම්බන්ද කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය නොලැබීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව එම කණ්ඩායමේ තතුදත් ආරංචි මාර්ග කියයි . එයට හේතු වී ඇත්තේ විපක්ෂයේ වාඩි වෙන්නට ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් බහුතරය සන්ධානයෙන් හෝ ශ්‍රීලනිපයෙන් ඉවත්වීමට සුදානම් නොවීමයි .විපක්ෂයේ වාඩිවීමට මොවුන්ට ජනාධිපතිවරයාගේ…

ප්‍රගීත් ඝාතන පරීක්ෂණ යටගහන්න කියන අතේ පැලවෙන කෙප්ප

හමුදා බුද්ධි අංශය ගිරිතලේ යුද හමුදා කඳවුරට යාබදව ව්‍යාජ කෝටි කදවුරක් පවත්වාගෙන ගිය බවටත් , එහි පැමිණි “ප්‍රදීප්” නම් අයකු සිංහල ජනයා පමණක් ජීවත්වන මෙම ප්‍රදේශයේ හමුදා කඳවුරකට යාබදව තිබෙන එම කඳවුර ගැන කිසිදු සැකයක් නැතිව ඔවුන් හා කුමන්ත්‍රණ කළ බවටත්, මාධ්‍ය  මගින් ප්‍රචාරය කරමින් ප්‍රගීත් ඝාතන පරීක්ෂණ යට ගස ගන්නට හමුදාවේ දුෂිතයෝ පිරිසක් තවමත් …

සමාජවාදය දුරස්ථයි සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා

සමාජවාදය ආසන්නයේ නැති හෙයින් පාර්ලිමේන්තුව තුළ ඇන්. ඇම්. පෙරේරා මෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නොසැළී පෙනී සිටින බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතික පෙරමුණ තුළ වාමාංශික කේන්ද්‍රය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රි ආචාර්ය වික්‍රමරත්න මේ බව ප්‍රකාශ කළේ සැප්. 08 ඇන්. ඇම්. පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීමේන් අනතුරුව පැවති රෑස්වීමේ දී ය. මෙහි…

මාවෙයි සේනාධිරාජා වැඩ බලන විපක්ෂ නායක

විපක්ෂ නායක ලෙස පත්වූ ආර් සම්පන්දන් මහතා නොමැති විට දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා මහතා  වැඩ බලන විපක්ෂ නායක ලෙස පත්කිරීමට තීරණය කළ බව එම පක්ෂය පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කියයි .

ඇමැති මණ්ඩලය ප්‍රමාදවීමෙන් ආණ්ඩුව හොම්බෙන් යයි .

නව රජයේ ඇමැති මණ්ඩලය පත් කීරීම සති තුනක් ප්‍රමදවීමත් සමග ආණ්ඩුවේ මුදල් තත්ත්වය බරපතළ ලෙස නරක අතට හැරී ඇති බවද රුපියලේ අගය පහත වැටෙන්නට පටන්ගෙන ඇති බවද මුල්‍ය ක්ෂේත්‍රයේ අපේ ආරංචි මාර්ග කියයි . ජනවාරියේ ඉදිරිපත් කළ අතුරු අයවැයේ අදායම් යෝජනාවලට අදාළ මුදල් පනත් සම්මත කර ගැනීමට එවකට පැවති පාර්ලිමේන්තුවේ සහාය නොලැබීමත් මෙම පාර්ලිමේන්තුවෙන් එම…

ටිරාන් අලස් නිර්දෝෂී බවක් අගවිනිසුරු කියා නැහැ

රාඩා ආයතනයේ සිදුවූ බව කියන කෝටි සිය ගණනක වංචාව ගැන ටිරාන් අලස් මහතා අත් අඩංගුවට ගැනීම අවශ්‍ය නැතැයි අග විනිසුරු කේ  ශ්‍රීපවන් මහතා කළ ප්‍රකාශයක් අනුව  අලස් මහතා නිර්දෝෂී බව අගවිනිසුරු වරයා පිළිගෙන ඇතැයි ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරය බොරුවක් බව  නීති අංශයේ අපගේ ආරංචි මාර්ග කියයි . මෙම නඩුවේදී අගවිනිසුරු තුමා කියා ඇත්තේ අලස් මහතා…

ගෝටා බේරන්න ගිහින් මේජර් ජෙනරාල් අමාරුවේ !

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා බේරාගැනීමට බොරු සාක්ෂි දුන්බව  බරපතළ දුෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසම  ඉදිරියේ වරද පිළිගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතාට එරෙහිව බොරු සාක්ෂි දීම හා ජනාධිපති කොමිසමට අපහස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට නියමිත බව කොමිසමේ ආරංචි මාර්ග කියයි . එසේ නඩු නොපවරීමට හේතු ඇත්නම් ලබන 17 දාට පෙර…

කළු සල්ලි පනත යටතේ බැසිල්ට , ගෝටාට ,මහින්දානන්දට , සෙනරත්ට , නඩු !

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ , හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ ,කිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ,හිටපු  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු හිටපු රජයේ බලවතුන් ගණනාවකට එරෙහිව මුදල් විශුද්ධි කරණ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලීසියේ තතුදත් ආරංචි මාර්ග කියයි . බ්‍රතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලයේ විශේෂඥයින්ගේ උපදෙස් මත කරන ලද සියුම් පරීක්ෂණ…