උතුරේ මහ ඇමැති සමග ගනුදෙනු බෙරා ගතයුතුයි – දෙමළ සන්ධාන නායක මාවෙයි සේනාධිරාජා
ශ්‍රී ලංකාවේ ප්රශ්නය ගැන
එක් ජාත්‍යන්තර පරීක්ෂණයක් නිමවී තිබියදී තවත් පරීක්ෂණයක් ඉල්ලීමෙන් උතුරේ මහ ඇමැති සී වී විග්නේශ්වරන් මහතා විහිලු කාරයකු බවට පත්ව ඇති බවත් ,පක්ෂයේ තීරණවලට පිටින් කටයුතු කරන ඔහු ගැන තීරණයක් ගැනීමට සිදුවන බවත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කොට ඇත . පසුගිය මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය නොදීම ගැනද විග්නේශ්වරන් මහතාට විවේචන එල්ල වී ඇත.
වවුනියාවේ ඉලන්කෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේ පවති පක්ෂ රැස්වීමකදී සේනාධිරාජා මහතා විග්නේශ්වරන් මහතාට මෙම විවේචන එල්ල කොට තිබේ .
සේනාධිරාජා මහතා සම්පන්දන් මහතා හැරුණුවිට දෙමළ සන්ධානයේ සිටින ජෙෂ්ටතම නායකයාය .
