හම්බන්තොට වරාය චීනයට බදු දීම ගැන ජනපති අප්‍රසාදය

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු වන නිතින් ඒ. ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ. අදාළ ගිවිසුම නැවත සාකච්ඡා කළ යුතු යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. නිතින් ඒ. ගෝකලේ…

සීඅයිඩීයේ නිලධාරීන් 704 කට රට යන්න වැට බඳියි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන්  704 දෙනෙකු  විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (25) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකර තිබේ. මෙම නිවේදනය ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබේ. එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ…

ඇමතිකමක් නොලැබුනයි වාසු කළකිරීමෙන්

තමන්ට කැබිනට් ඇමැතිධුරයක් ලබා නොදීම සම්බන්දයෙන් වාසුදේව නානායක්කාර මහතා හිත අමාරුවෙන් සිටින බව වාර්තා වෙයි . චමල් රාජපක්ෂ මහතාට කතානායක ධුරය ලබා දී ඔහුට දුන් ඇමති තනතුර තමන්ට දිය හැකිව තිබු බව වාසුදේව මහතා ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි .

සජිත්ව මේ තරගයට ඇදලා දැම්මා ඉක්මන් වැඩියි – රාජිත

සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින පිරිස විසින් ඔහුව මේ ජනාධිපතිවරණ තරගයට ඇද දැමීම ඉක්මන් වැඩි ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  සජිත් ප්‍රේමදාස යනු දේශපාලනිකව එතරම් තැළී පොඩිවුණු පුද්ගලයකු නොවනවා මෙන්ම ඔහු මෙතෙක් කලක්ම සිය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සුබසාධන කටයුතුවල යෙදී සිටියා විනා ජාතික තලයේ දේශපාලනයක් නොකළ බවත් සේනාරත්න මහතා සිහිපත් කළේය.  ඒ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිදහස් කිරීමෙන් පසු කෞතුකාගාර නඩුව ගෙනියන්න බැරිවෙයි!

මැදමූලන ඩී.‍ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුවෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමෙන් පසුව එම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව නීති අංශ කියයි. එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කොට තිබූ අතර තවත් හය දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි. එහිදී රාජ්‍ය මුදල් අවභාවිතය කිරීමේ චෝදනාව ප්‍රධාන විත්තිකරුට එල්ල කොට…

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම 27දාට කල්යයි

 නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ. ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය…

සීඅයිඩීයේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පවුලත් සමග රට ගිහින්

  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි මිනිමැරුම් හා සමුහ මංකොල්ල විමර්ශන අංශයේ  ස්ථානාධිපතිව සිටි  පොලිස් පරීක්ෂක  නිශාන්ත  ද සිල්වා මහතා අද (24) පස්වරුවේ  බිරිද හා දරු තිදෙනා සමග හොර රහසේ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති   බව පොලිස් ආරංචි මාර්ග පවසයි.    දහවල් 12.50 ට  ඩබ්ලිව්…

කතානායක ධුරය වෙනස් කරන්න ආණ්ඩුවට බහුතරය නෑ !

නව ඇමති මණ්ඩලයක් පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කතානායක ධුරයෙන් කරු ජයසුරිය මහතා ඉවත්කොට එයට වාසුදේව නානායක්කාර මහතා පත්කරන බවට ආරංචි පැතිර ගියද එසේ කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවට නැති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි . භාරකාර ආණ්ඩුවක් බව කියුවද ඇත්ත වශයෙන්ම මෙය සුළුතර ආණ්ඩුවකි . විපක්ෂයේ වෙනත් පක්ෂවල හෝ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෝ සහය…

චම්පික රණවක එජාපයට !

ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක මහතා එම පක්ෂයේ ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . ඒ සමග ජාතික හෙළ උරුමය විසුරුවා හැර එම සියලු දෙනා එජාපයට බැදීම ගැන ද සාකච්චා වෙමින් පවතින බව දන ගන්නට ඇත . කුඩා පක්ෂයක් ලෙස කටයුතු කිරීම අවසන් කොට ප්‍රධාන ධාරාවේ දෙසපලනයට පැමිණීමට මෙම…

රනිල් දේශපාලනයෙන් සමුගනී!

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අනාවරණ කළේය. ඒ අනුව පාර්ලිමේන්තු වාරාවසාන වන විට සිය 42 ක දේශපාලනයට සමු දෙන බවයි වික්‍රමසිංහ මහතා සඳහන්  කළේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයක් විසින් ඇති කරමින් තිබෙන අර්බුදය සමථයකට පත්කිරීම…

රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට වෘත්තීය සුදුසුකම් සොයයි

රජය යටතේ පවතින සංස්ථා හා මණ්ඩල  ආදීයෙහි සභාපතිවරු ,අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේදී සුදුසුකම් , වෘත්තීය දැනුම ඇති  පිරිස්  පත් කළ යුතු බව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.   නව අමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ජනාධිපතිවරයා අද (22)   මේ බව සඳහන් කළේය.   දැනට පවතින එවැනි ආයතන සියල්ලක්  පාඩු ලබමින් පවතින බවද…

පක්ෂය තුළ ජනප්‍රියම කෙනා ජනාධිපතිවරණයට දැම්මා. ප්‍රතිඵලය කණගාටුදායකයි. – නවීන්

එක්සත් ජාතික පක්ෂය තුළ ජනප්‍රියම නායකයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුය යන මතයක් පැවති හෙයින් එසේ ඉදිරිපත් කළ නමුත් ලැබුණු ප්‍රතිඵලය කණගාටුදායක බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.  තම අපේක්ෂකයාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඉතාම අඩු එකක් බව පැවසූ ඒ මහතා අවම වශයෙන් කරට කර සටනක් දීමට හෝ නොහැකි වූ බවයි පෙන්වා දුන්නේ.  කෙසේවෙතත්…