ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිදහස් කිරීමෙන් පසු කෞතුකාගාර නඩුව ගෙනියන්න බැරිවෙයි!

මැදමූලන ඩී.‍ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුවෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමෙන් පසුව එම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව නීති අංශ කියයි.

එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කොට තිබූ අතර තවත් හය දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි. එහිදී රාජ්‍ය මුදල් අවභාවිතය කිරීමේ චෝදනාව ප්‍රධාන විත්තිකරුට එල්ල කොට තිබූ අතර සෙසු විත්තිකරුවන්ට එල්ල වී තිබුණේ මුදල් අවභාවිතයට ආධාර අනුබල දීමේ චෝදනාය. නීති අංශ කියන්නේ මුදල් අවභාවිතා කළ බවට වන චෝදනාව විභාගයට නොගෙන එයට ආධාර අනුබල දුන් බවට වන චෝදනා ඉදිරියට ගෙන යාම අපහසු වන බවයි.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මෙම නඩුවේ පළමුවන විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවෙන් නිදහස් කිරීමත් සමගය. ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු නඩු කටයුත්තක් පවත්වාගෙන යා නොහැකි බවට වන නීතිමය ප්‍රතිපාදන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවෙන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

මෙම නඩුව ජනවාරි 9 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග  ගැන නීතිපතිවරයා එදිනට අධිකරණයට කරුණු දක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *