ශ්‍රී ලංකාවේ කීර්තිය අවදානමට ලක්ව ඇති බව ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියයි

  ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලියේදී  සිය සේවිකාව සම්බන්ධයෙන් ලංකාවේ නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුද්ගල අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහතික කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. එසේම සිය සේවිකාවගේ   සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වන ලෙසත් ඉදිරි විමර්ශන කටයුතු සදහා…

‘මට කිසිදෙයක් ඕන නෑ’යි සජිත් කිව්වා – එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමි

විපක්ෂනායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත්  මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ  තමන්ට ඒ ගැන  කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බවත්  එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  අද(16) පැවසූහ.   තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී…

ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘ වුයේ සහරාන් කල්ලියේ ප්‍රහාර නිසා

ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ  වචනය  ‘ශ්‍රී ලංකාව’ බව  ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. එමෙන්ම මෙම වැඩිවීමට හේතුව පසුගිය අප්‍රේල් මාසයේ සහරාන් කල්ලිය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව බවද එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම…

පක්ෂ නායකත්වයේ බලතල සංශෝධනය සකසන්නැයි රනිල් මාරපනට කියයි

  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක‍්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.   එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට…

සිරසට බෑ නායකයෝ හදන්න දැන්වත් පැත්තකට වෙන්න – ආශු සිරසත් එක්ක ගැටෙයි

එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට සිරස ආයතනයට නොහැකි බව පැහැදිලිව ප්‍රකාශ  කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අවධාරණය කළේය. ඊයේ (14) ගාල්ල ආසනයේ බල මණ්ඩල රැස්වීම වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. සිරසට නායකයෝ හදන්න බැරි බව දැන්වත් පිළිගත යුතුව…

රනිල්ට අගමැතිධුරය අත්හරින්න වුණු හේතුව වජිර කියයි

තම පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව තිබූ බවයි. එහෙත් පක්ෂයේ ඇතැම් පුද්ගලයින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන්…

|

” ඇමෙරිකන් මර උගුල ” අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවලදී ” ඇමෙරිකන් මර උගුල ” ලෙස හදුන්වනු ලැබූ මිලේනියම් චැලේන්ජ් කොපොරේසන් හෙවත් MMC ගිවිසුම අධ්‍යනය කොට වාර්තා කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලබා ඇත . මෙම කමිටුවේ සභාපති වශයෙන් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පත්කොට තිබේ . කෙසේ වෙතත් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ගේ මතිවර වේදිකාවේ කීවේ…

මහමැතිවරණයට එජාපය පොදු සන්ධානයකින් – එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන

මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. මෙම පොදු සන්ධානය සඳහා  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට  විවෘත ආරාධනාවක් කරන බවත් ජනතා විමුක්ති…

සහාය දුන් සිවිල් සංවිධානවලට ස්තුති කරන හමුවටවත් සජිත් නෑ.. රනිල් ස්තුති කරයි.. නියෝජිතයෝ සජිත්ට බැණ වදිති

පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දුන් සිවිල් සංවිධාන සදාහ ස්තුති කිරීමේ හමුවක් ඊයේ දිනයේ පැවැත්විනි. හමුව පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සංවිධාන විසින් සහාය දුන් අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා එම හමුවට පැමිණ නොසිටියේය. එ් හේතුවෙන් හමුවට පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රේමදාස මහතාට එහිදී දැඩිව…

අපේ තිබ්බ සැලැස්මට වැඩ කරා නම් අපි මුණ ගැහෙන්නේ වෙන තැනක-රනිල්

ඉදිරි මහ මැතිවරණයේදී ආසන එකසිය දහතුනක් දිනාගැනීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂයට සහායදුන් පාර්ශ්වවලට ස්තුතිකිරීම සඳහා පැවති වැඩසටහනකදීයි. ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ සිවිල් සංවිධාන නියෝජිතයන්ට සිය ස්තුතිය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…

කතානයකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැම්මේ රාජපක්ෂ පාලන සමයේ බැදුම්කර වංචා ගැන වෝහාරික විගණන වාර්තා යට ගහන්න දැයි සැකයි -කිරිඇල්ල-

කතානායකටවත් නොදන්වා හදිසියේ  පාර්ලිමේන්තුව දිගු කලකට  කල් දැමීම විශාල සැකයක් මතු කරන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. රාජපක්ෂ පාලන සමයේ මහබැංකු බැදුම්කර වංචා සම්බන්දව වෝහාරික විගණන වාර්තා කෝප් කමිටුවට ලැබී තිබියදී පාර්ලිමේන්තුව කල් දැම්මේ එම වාර්තා යට ගැසීමට දැයි සැක මතුවන බවද ඒ මහතා ප්‍රකාශ…

දිස්ත්‍රික් වැට මායිම් පැනීම සජිත්ටයි-හරීන්ටයි තහනම් ; හම්බන්තොටෙනුයි-බදුල්ලෙනුයි පාර්ලිමේන්තු ඇවිත් පෙන්නනු

  ජනාධිපතිවරණයේදී සිය දිස්ත්‍රක් සහ මැතිවරණ කොට්ඨාශ අන්ත ලෙස පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කිසිදු දේශපාලකයෙකුට සිය දිස්ත්‍රික් මාරු කර ගැනීම සඳහා අවස්ථාව ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ තීරණය ගෙන තිබෙන්නේ ජනාධිපතිවරණයේදී සිය දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ අන්ත ලෙස පරාජයට පත් වූ…