සිරසට බෑ නායකයෝ හදන්න දැන්වත් පැත්තකට වෙන්න – ආශු සිරසත් එක්ක ගැටෙයි
එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට සිරස ආයතනයට නොහැකි බව පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අවධාරණය කළේය.
ඊයේ (14) ගාල්ල ආසනයේ බල මණ්ඩල රැස්වීම වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සිරසට නායකයෝ හදන්න බැරි බව දැන්වත් පිළිගත යුතුව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට මැදිහත් නොවී පැත්තකට වී සිටින ලෙස ඔහු කියාසිටියේය.
කිසිලෙසකින්වත් පක්ෂය කඩා බිඳ දැමීමට ඉඩ නොතබන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
පක්ෂ නායකත්වය විසින් පත්කර තිබෙන කමිටුව හරහා පක්ෂයේ ප්‍රශ්න විසඳා ගත හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
LANKA NEWS WEB
