අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොස්ගොඩ අගුලු දමා වසයි ; ගමනාගමනයත් නවතයි

කොවිඩ් 19 ආසාදිතයින් රාශියක් හමුවීම නිසා අවිස්සාවේල්ල ,රුවන්වැල්ල සහ කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක  වන පරිදි හුදෙකලා කොට තිබේ. එම ප්‍රදේශ වෙත ගමනාගමනය ද නවතා ඇත. හයිලෙවල් මාර්ගයේ බස් ගමනාගමනය කළුඅග්ගල දක්වා පමණක් ලෙස සීමා කර තිබේ.

කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමකට පවරා දෙයි
|

කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමකට පවරා දෙයි

කාලයක් තිස්සේ වසා තිබු කන්තලේ සීනි සමාගමේ සියලු වත්කම් සහ ඉඩම් පෞද්ගලික සමාගමකට පවරාදීමට රජය මේ වනවිට කටයුතු කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස සීනි සමාගම පවරා දී ඇත්තේ එම් ජී සුගර් ලංකා පෞද්ගලික සමාගම නම් ආයතනයට යි. එය මොව්සි සලීම් නම් ආයෝජකයකු විසින් මුදල් ආයෝජනය කොට අලුතින් ආරම්භ කළ සමාගමක් බව කියති. මෙම සමාගමට…

භූමදානය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියේ කොටසක්. එය ඔවුන්ගේ ආගමික අයිතියක් – ඥානසාර හිමි

කොවිඩ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳ ප්‍රශ්නයේදී ආණ්ඩුව ඒ පිළිබඳ නිසි හැදෑරීමකින් තොරව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී සිටින්නට යාම නරක තත්වයක් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.”අපි වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයො නෙවෙයිනෙ. මේ ප්‍රශ්නය පිළිබඳ හැදෑරීමක්, කියවීමක්, විශ්ලේෂණයක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී ඉඳලා මේ ආණ්ඩුත් නරක තැනකට…

අද ( 23 ) කොවිඩ් 19 ආසාදිතයින් 579 යි ; ත්‍රිත්ව පොකුර 34,960 යි ; සමස්තය 38,621 යි

අද ( 23 ) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 579ක් අලුතින් වාර්තා වී ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 34,960 දක්වා ඉහළ ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 38,631 ක් ලෙස සටහන් වෙයි.

කොවිඩ් 19 තවත් අයෙක් නිවසේ දී මියයයි

කොවිඩ් 19 තවත් රෝගියකු මියගිය බව අද දිනයේ වාර්තා වීය. දකුණු කළුතර පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු වූ ඔහු ද මියගොස් ඇත්තේ සිය නිවසේ දී ය. මෙම මරණයත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් වීය.

මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භූමදානයට අවසර ඉල්ලා සමගි ජනබලවේගය නිහඩ විරෝධතායක

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද (23) පෙරවරුවේ සමගි ජනබලවේගය විසින් නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඔවුන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි. CNH

දකුණේ කොවිඩ් පොකුර 714 ට නගී

දකුණු පළාතෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 714 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොවිඩ් මර්දන මධ්‍යස්ථානය වාර්තා කොට ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 415 ක් , මාතරින් 238 ක් සහ හම්බන්තොටින් 61ක්  ලෙස මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ.

තවත් කොවිඩ් මරණ දෙකක් ; එක් අයෙක් නිවසේ දී

තවත් කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වීය. කොළඹ පදිංචි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇති අතර , ලියුකේමියා රෝගී 15 හැවරිදි දරුවකු අපේක්ෂා රෝහලේ දී මියගොස් ඇත. මෙම මරණ දෙකත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගියේ ය.

අද (22 ) අලුත්  ආසදිතයින් 427 ක් ; ත්‍රිත්ව පොකුර 34,381 යි ; සමස්තය 38,052 යි

අද (22 ) අලුත් ආසදිතයින් 427 ක් ; ත්‍රිත්ව පොකුර 34,381 යි ; සමස්තය 38,052 යි

අද ( 22 ) දින වාර්තා වී ඇති කොවිඩ් 19  ආසාදිතයින් සංඛ්‍යාව 427 ක් බව රජය නිවේදනය කොට ඇත. මේ සියලු දෙනා ත්‍රිත්ව පොකුර ලෙස හඳුන්වනු ලබන, දිවුලපිටිය – පෑලියගොඩ – බන්ධනාගාර පොකුරට සම්බන්ධ බව ද රජයේ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව ත්‍රිත්ව පොකුර 34,381 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් හමු වී…

අර්බුදය බරපතළ යි , ආණ්ඩුව ජනතාවට ඇත්ත කියන්නේ නැහැ – හිටපු ඇමති ඩිව් ගුණසේකර

අර්බුදය බරපතළ යි , ආණ්ඩුව ජනතාවට ඇත්ත කියන්නේ නැහැ – හිටපු ඇමති ඩිව් ගුණසේකර

රට දැන් මුහුණ දී ඇත්තේ බරපතළ ආර්ථික අර්බුදයකට බවත් , එහි බරපතළකම ගැන ආණ්ඩුව ජනතාවට ඇත්ත නොකියන බවත් , හිටපු ඇමති සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. ජනතාවට ඇත්ත නොකීම වරදක් බව කී ඒ මහතා ඇත්ත කිවහොත් ජනතාවගෙන් සියයට පනහක් ආණ්ඩුවට සහය දෙනු ඇති බවත්  කියයි. මුළු ලොවට…

පොල් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය

පොල් මද පිටරටින් ගෙන්වීම සඳහා මාස තුනක කාලයකට අවසර ලබාදීමට ඊයේ පවතී කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට ඇත. කැබලි කරන ලද වියළි පොල් මද ලෙස ලෙස මෙම පොල් ගෙන්වීම සිදු කළ යුතුය. දේශීය පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා පොල් ආශ්‍රිත කර්මාන්ත ශාලා 500 ක පමණ නිෂ්පාදන කටයුතු කරගෙන යා නොහැකිව අර්බුදයල ලක්ව ඇති නිසා…

විදුලි ජාවාරම් පහසු කරන්න උපයෝගිත කොමිසමේ , විදුලි බල මණ්ඩලයේ තටු කපයි

විදුලි ජාවාරම් පහසු කරන්න උපයෝගිත කොමිසමේ , විදුලි බල මණ්ඩලයේ තටු කපයි

  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා  කොමිසන් සභා පනත සහ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ඊයේ පැවතී කැබිනට් රැස්වීමේ දී තීරණය කළ බව වාර්තා වෙයි. ඒ අනුව ,විදුලි බල ව්‍යාපෘති අනුමැතියේ දී මහජන උපයෝගිතා කොමිසමට තිබු බලතල ඉවත් කොට එම ආයතනය පාරිභෝගික ආරක්ෂාව , සහ විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රමිති සැකසීමට සීමා…