ප්රවෘත්ති අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොස්ගොඩ අගුලු දමා වසයි ; ගමනාගමනයත් නවතයි Byadmin December 24, 2020 කොවිඩ් 19 ආසාදිතයින් රාශියක් හමුවීම නිසා අවිස්සාවේල්ල ,රුවන්වැල්ල සහ කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කොට තිබේ. එම ප්‍රදේශ වෙත ගමනාගමනය ද නවතා ඇත. හයිලෙවල් මාර්ගයේ බස් ගමනාගමනය කළුඅග්ගල දක්වා පමණක් ලෙස සීමා කර තිබේ.