පොදුජන පේරමු‍ණේ ජනාධිපති අ‍පේක්ෂකයා ‍ගෝඨාභය බවට ප්‍රකාශයට පත්ක‍රේ

ශ්‍රී ලංකා ‍පොදුජන ‍පෙරමුණේ පළමු වැනි ජාතික මහා සම්‍මේලනය ඊයේ (11) හරියටම පසුවරු 03.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගන‍යේ දී ආරම්භ වූ අතර 03.02ට පමණ මහින් ද රාජපක්ෂ මහතා එම වේදිකාවට පැමිණි‍යේ රැස්ව සිටි පිරිස‍‍ගේ ඔල්වරසන් මධ්‍යයේය. ඉන්අනතුරුව ජී.එල්. පීරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පක්ෂ‍යේ නායකයා ‍ලෙස නාම‍යෝජනා කළ අතර රැස්ව සිටි ජනතාව ජය ‍‍ඝෝෂාකරමින් එය…

පොහොට්ටුව එක්ක දැන් මොනවා සාකච්ඡා කරන්නද – ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී…

පොහොට්ටු සමුළුව වර්ජනය කරනවා – දයාසිරි ජයසේකර

හෙට (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සඳහා පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බැවින් ඒ සඳහා සහභාගි නොවීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. සාමන්‍යයෙන් මෙවැනි සමුළු සඳහා දේශපාලන පක්ෂවලට හා එහි නායකයන්ට ආරාධනා කිරීම සම්ප්‍රදායය බව දයාසිරි ජයසේකර මහතා පවසනවා….

සුවසැරියට පළමු ජාත්‍යන්තර ගෞරවය පුදකරමින් එහි නිර්මාතෘ ආචාර්ය හර්ෂට අළුත් තනතුරක්

මෙරට පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව අති විශිෂ්ට තලයකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවයට පළමු ජාත්‍යන්තර ගෞරවය ලබාදෙමින් එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ ASEAN-WHO කළාපීය ජාලයේ (ASEAN-WHO Regional Network for Road Safety Legislators) උප සභාපතිවරයා සහ එම ගෝලීය ජාලයට අයත්…

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ බවට සාක්ෂි ප්‍රමාණවත් : සිරුර මුහුදේ ගිල්වා දමලා – නීතිපති

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.  මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින හමුදා සාමාජිකයින් විසින් ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.  ගිරිතලේ යුධ හමුදා…

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළාට නඩු ; නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳව සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව සුදානම් වෙයි. එක්නැලිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීමෙ සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහි නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. හෝමාගම අධිකරණයේ අදාළ නඩුව විභාග කිරීම සදහා එම විනිසුරු මඩුල්ල පත්කර ලෙස නීතිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර…

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින්  පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනා…

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ හොරෙන් කළ පරීක්ෂණයෙන් වඳ සැත්කම් කතාව බොරුවෙලා

කුරුණෑගල රෝහලේ දොස්තර මොහොමඩ් සියාදීන් සාෆී මවුවරුන් වඳ කළ බවට ප්‍රවෘත්තිය සමාජ ගත කිරීමට මූලිකත්වය ගත් එහි රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැමිණිලිකාර මව්වරුන් අටදෙනකු රහසේ කැඳවා වඳ භාවය පරීක්ෂා කිරීමේ එච්.එස්.ජී. නම් පරීක්ෂණය සිදු කොට ඇති බවත් එහි දී එම මව්වරුන්ගේ පැලෝපීය නාලවලට කිසිදු හානියක් සිදු වී නැති බව තහවුරු වී ඇති බවත් කුරුණෑගල…

සාෆි විමර්ශනයේදී පොලිස් ලොක්කන් දෙදෙනෙක් විනය විරෝධී වැඩ කරලා – රහස් පොලිසියෙන් පොලිස්පතිට වාර්තාවක්

  කුරුණෑගල  ශික්ෂණ රෝහලේ  ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ්  සාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් අධිකාරිවරයා  අතින්  විනය විරෝධී කටයුතු සිදුව ඇති  බව සඳහන් කරමින්  පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ලබා දී ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා පැවසීය.   මේ සම්බන්ධයෙන්  ලැබුණු පැමිණිලි  කරුණු…

‘වාද-විවාද අවසන් කර නව සන්ධානය ඉක්මණින් ගොඩනගනවා’ – ඇමති වජිර අබේවර්ධන

ගැළපීම්, නොගැළපීම්, වාද විවාද සියල්ලක්ම අවසන් කර සියලූ පක්ෂ සහ කණ්ඩායම් එක්කර එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් නව සන්ධානය ඉතා ඉක්මණින් ගොඩනගන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹදී අද(08) පැවසීය.   සන්ධානගත වීමකින් තොරව කිසිදු අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි වනු…

මරණ දඬුවම අහෝසි කිරීමේ පනත නිත්‍යානුකූල බව තීන්දු කිරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මරණ දඬුවම අහෝසි කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. මහාචාර්ය කමිනා ගුණරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත. ඉහත කී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව තීන්දු කොට ඒ බව කතානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දෙන…

ශාන්ත බණ්ඩාර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි : පොහොට්ටුවේ මන්ත්‍රී ධුරය ශ්‍රීලනිපයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමේ අපේක්ෂාවෙනි. ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ශ්‍රීලනිපයෙන් වෙනත් අයකු නම් කරනු ඇත . අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතා සම්බන්ධව සිටියේ ශ්‍රී ලංකා…