අර්ජුන මහේන්ද්‍රන්ගේ ඉරණම කෝප් වාර්තාවෙන් විසදෙන ලකුණු – වාර්තාව 30 දාට පෙර !

මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මෙම මස තිස් වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බවත් ඔහුගේ මීලග ධුර කාලය සම්බන්ධ පැන නැගී ඇති ප්‍රශ්නය එමගින් බොහෝදුරට විසදෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . මෙම…

අර්ජුන් ගේ ප්‍රශ්නය ජනපති හා අගමැති අතට ගනී !

දින ගනනාවකට පෙර ජනාධිපතිවරයා සමග පුරවැසි බලය පැවත් වූ සාකච්ඡාවකට අනුව දුෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම හා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රශ්නය අගමැතිවරයා ගේ ද සභාගිත්වය ඇතිව 17වෙනි දින ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇති අතර පුරවැසි බලයට අමතරව බොරදියේ මාළුබාන කණ්ඩායමක් ද එම සාකච්ඡාවට රිංගවා තිබුණු බව යුක්තියට වාර්තා වේ. කෙසේ නමුත්…

පුරවැසි රැස්වීම ගැන ජනපති/අගමැති කළබල වේ !

රාජපක්ෂ පාලන යුගය තුළ සිදු වූ දූෂණ, වංචා හා මිනිමැරුම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට බාධාවක් වී ඇති ආණ්ඩුවේ දේශපාලන අත පෙවීම් මෙන්ම මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් එහි අධිපති අර්ජූණ මහේන්ද්‍රන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පියවර නොගැනීමට එරෙහිව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය එක්ව ජූනි 21 වෙනි දින ප්‍රසිද්ධ රෑස්වීමක් පැවැත්වීමට තීරණය…

දයාන්ගේ ටියුෂන් පංතිය සාකච්ඡා මණ්ඩපයක් වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා විසින් සංවිධානය කෙරුනු ආචාර්ය දයාන් ජයතිලකගේ දේශනය යම්කිසි හේතුවක් නිසා කල්ගිය බවත්, එම දේශනය මේ වනවිට සාකච්ඡා මණ්ඩපයක් බවට පරිවර්තනය වී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. මේ සාකච්ඡා මණ්ඩපයට දයාන් ජයතිලකට අමතරව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින්…

අත් අඩංගුවට නොගන්නැයි බැසිල් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

අයථා අයුරින් උපයාගත් මුදලින් දේපළ මිලදී ගෙන මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ දිවි නැඟුම පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් මහේස්ත්‍රාත් අධිකරණ පහක පවරා ඇති නඩුවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ගාස්තු රහිතව ප්‍රතික්ෂේප…

අවි ගබඩාවේ පිපිරීමේ පරීක්ෂණයට යුද්ධාධිකරණයක් !

සාලාව කදවුරේ අවි ගබඩාවේ පිපිරීමේ හේතු සෙවීම සදහා යුද්ධාධිකරණයක් පත්කිරීමට ඉඩ ඇති බව හමුදා ආරංචි මාර්ග කියයි . මෙය සිතා මතා කළ කඩා කප්පල් ක්‍රියාවක් බවට තොරතුරු හෙළි වුවහොත් යුද්ධාධිකරණයක් පත්කිරීම අනිවාර්යයෙන් සිදුවනු ඇත . එමෙන්ම සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන්ද පරික්ෂා කිරීමට සිදුවනු ඇති බව කියති . විශාල ආයුධ හා දේපළ විනාශයක් සිදුවූ මෙම පිපිරීම ගැන…

උදයංග වීරතුංගට ජුලි 15 වෙනිදා උසාවියේ පෙනීසිටින ලෙස නියෝග. උසාවි නොපැමිණියහොත් ඉන්ටර් පෝල් මගින් ජාත්‍යන්තර වරෙන්තු

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මිලදී ගත් මිග් 27 ගුවන්යානා ¥ෂිත ගනුදෙනුවට හා ජාත්‍යන්තර අවි ජාවාරම් වලට සම්බන්ධ බව කියන, විදේශ තානාපතිවරයකු වශයෙන් සේවයේ නියුතුව සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාතියෙකු වූ උදයංග වීරතුංගට ජුලි 15 වෙනිදා කොළඹ උසාවියේ පෙනී සිටින නියෝග කර ඇත. එම නියෝගය පිළිපදිනු නොලැබුවහොත් ජාත්‍යන්තර වරෙන්තු නිකුත්කර ඉන්ටර්පොල් මගින් ඔහුව…

ලිබරල්වාදයට සහාය වියයුතු වෙලාවක් මේක – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

පැහැදිළිව ම රටේ ආරම්භ වී ඇති ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයේ අභ්‍යන්තර ගැටුමක් වර්ධනය වෙන බව පෙනෙන්නට තියෙනවා. මේ ගැටුම වර්ධනය වන්නේ ව්‍යාවස්ථාව වෙනස් කිරීමට, මානව හිමිකම් තහවුරු කිරීමට සහ දූෂිතයින් ඇල්ලීමට දුන් පොරොන්දු හෙමින් නමුත් ක්‍රියාත්මක වෙමින් තියෙන වට පිටාවක. ඒ අනුව දුන් පොරොන්දු ආණ්ඩුව ඉටුකරනු ඇතැයි යන ජනාවගේ බලාපොරොත්තුව තවමත් ශක්තිමත් ලෙස තිබෙනවා. ආර්ථික වශයෙන් මොනතරම්…

යහපාලන ආණ්ඩුවට එරෙහිව නිලධාරී කුමන්ත්‍රණයක් – ඇමතිවරුන්ටත් ලෙඩ දමති

යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වැඩ කටයුතු වලට අකුල් හෙලීමේ නිලධාරී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . පසුගිය රජය සමග කිට්ටුවෙන් වැඩකළ නිලධාරී පිරිසක් මෙම කුමන්ත්‍රණය මෙහෙයවන බව කියති . ඇමතිවරුන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සදහා මුදල් නිකුත් නොකිරීම හා ප්‍රමාද කිරීම මගින් මෙය ක්‍රියාත්මක බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි ….

ත්‍රිරෝද රථ වෙනුවට කුඩා සිවුරෝද රථයක් – බජාජ් කිවුට් ( Bajaj Qute)

මාර්ග තදබදයට හා අනතුරුවලට හේතුවන තිරෝද රථ වෙනුවට කුඩා සිවුරෝද රථයක් හදුන්වාදීමට හා අඩු මිලට ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . බජාජ් කියුට් ලෙස හදුන්වන මෙම රථයේ මෙරටට ගෙන්වන විට බදු හා වරාය ගාස්තු රහිත වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බව කියති . යම් ප්‍රමාණයක බදු සහනයක් මෙම වාහනය සදහා ලබාදීමට…

පුරවැසි රැස්වීම ගැන ජනාධිපති කලබලයට පත්වේ !

පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව“යහපාලනය මේක ද?” යන තේමාව යටතේ දිවයින් පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට පසුගිය සිකුරාදා ගත් තීන්දුව සැළවීමත් සමග ම කලබලයට පත් වූ ජනාධිපතිවරයා අදාළ සංවිධාන දෙකේ නියෝජිතයින් කිහිප දෙනෙකුට තමාව හමුවන ලෙස දන්වා ඇති බව යුක්තියට වාර්තා වේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ දී උක්ත සංවිධාන දෙකේ නියෝජිත…

තිළිණ ගමගේට ඇපදුන් ආකාරය ගැන නීතිඥයන් ගේ විරෝධය !

නිතී විරෝධිව අලි පැටියෙකු ලග තබාගෙන සිටියේ යැයි චෝදනා ලැබ, රහස් පොලිසිය මහහැර සිටි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල උසාවියේ දී අසාමාන්‍ය ආකාරයට ඇප ලබාදීමට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමය අද දින දහවල් 12ට අළුත් කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව යුක්තියට දැනගන්නට ඇත. ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න චුදිත තිළින ගමගේට ඇප…