අවි ගබඩාවේ පිපිරීමේ පරීක්ෂණයට යුද්ධාධිකරණයක් !
සාලාව කදවුරේ අවි ගබඩාවේ පිපිරීමේ හේතු සෙවීම සදහා යුද්ධාධිකරණයක් පත්කිරීමට ඉඩ ඇති බව හමුදා ආරංචි මාර්ග කියයි . මෙය සිතා මතා කළ කඩා කප්පල් ක්රියාවක් බවට තොරතුරු හෙළි වුවහොත් යුද්ධාධිකරණයක් පත්කිරීම අනිවාර්යයෙන් සිදුවනු ඇත . එමෙන්ම සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන්ද පරික්ෂා කිරීමට සිදුවනු ඇති බව කියති .
විශාල ආයුධ හා දේපළ විනාශයක් සිදුවූ මෙම පිපිරීම ගැන කිසිවකු හෝ වගකිවයුතු බව හෙළි වුවහොත් ඒ යට එරෙහිව හමුදා නිතිය යටතේ ක්රියා කිරීමට සිදුවන බව ආරක්ෂක ලේකම්වරයාද ප්රකාශ කොට ඇත .
