දයාන්ගේ ටියුෂන් පංතිය සාකච්ඡා මණ්ඩපයක් වෙයි.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා විසින් සංවිධානය කෙරුනු ආචාර්ය දයාන් ජයතිලකගේ දේශනය යම්කිසි හේතුවක් නිසා කල්ගිය බවත්, එම දේශනය මේ වනවිට සාකච්ඡා මණ්ඩපයක් බවට පරිවර්තනය වී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. මේ සාකච්ඡා මණ්ඩපයට දයාන් ජයතිලකට අමතරව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්රනාන්දු මහතා ඇතුළත්කර ඇති බව සැලයි. ආණ්ඩුවේ විදේශ ප්රතිපත්තිය විවේචනය කරමින් දයාන් ජයතිලකගේ පවත්වන දේශනයට ජනාධිපතිවරයා ප්රධාන අමුත්තා ලෙස සහභාගිවීම නොසුදුසු බැවිින් එකී දේශනය, සාකච්ඡා මණ්ඩපයක් බවට පත්කර ඇතැයි කියැවේ. දැනගන්නට ඇති ආකාරයට ලබන සඳුදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී මෙම සාකච්ඡා මණ්ඩපය පැවැත් වේ.
