රටවල් පහකට නිදහස් වීසා

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන රටවල් පහක් සඳහා නිදහස් වීසා ලබාදීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් සඳහා මෙම නිදහස් වීස ක්‍රමය ක්‍රියාත්මක කෙරෙයි.

ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැහැ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

  පෙත්සම්කරුවන් විසින් අභියෝගයට ලක් කොට ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ දක්වා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සම් අද (13) කැඳවා තිබු අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකරනු…

|

ණය ගැන චීන – ශ්‍රී ලංකා ගිවිසුම ගැන බටහිරින් විවේචන

  මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනය සහ ශ්‍රී ලංකාව වෙන ම ගිවිසුමකට එළඹීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වෙයි. ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවල් සඳහා පොදු ප්‍රතිපත්තියකට එකඟ නොවී එම රටවල් සමග වෙන ම ගිවිසුම් ගත වීමේ චීන පිළිවෙත මෙලෙස විවේචනයට ලක්…

|

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව වෙළෙඳ හා ආයෝජන රාමු වැඩපිළිවෙල (TIFA)  සඳහා නව ගිවිසුමකට අත්සන් තබයි 

  ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අලුත්  කරන ලද වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමකට (TIFA) ඊයේ අත්සන් තැබිණි.   ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් AMPMB අතපත්තු යන මහත්වරු ඊයේ කොළඹදී නව ගිවිසුමට අත්සන් තැබූහ. ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහකාර අමාත්‍ය ටීම්ස වොට්ස් මහතා සහ ශ්‍රී ලංකාවේ…

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පුරප්පාඩු වී තිබු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ. හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී තිබුණි.

|

මෙරට පුද්ගලික ණයහිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක්

ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඊට නව බැඳුම්කරයක් ද ඇතුළත් කර ඇත. එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කෙරේ. අද දෙරණ

|

රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව PAYE බදු ආදායම මෙන් 18 ගුණයක් – Advocata

  වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය බැංකුවලින් මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ලබාගත් ණයවලින් බව ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. ලංවිම වැනි ආයතන යටිතල පහසුකම් සඳහා ණය ලබාගෙන…

|

චීන ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවක් ඇතිකර ගත්තා – මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

  ඩොලර් බිලියන 4.2 කට සමාන චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ EXIM බැංකුව සමග  ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙය විශාල ජයග්‍රහණයක් බව රජය ප්‍රකාශ කරයි. ඇතිකරගත් එකඟත්වය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ඉදිරි දිනවල සාකච්ඡා කොට ක්‍රියාවට නැගීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ශ්‍රී ලංකාව සමග එකඟතාවයක් ඇතිකර ගත්තා – චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

  ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනයේ ණය පිලිබඳ ගන්නා පියවර සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව චීන විදේශ කටයුතු අමාත්යංශය ඊයේ ප්‍රකාශ කළේය. චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයකු ඊයේ පැවති නිල මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කොට ඇත්තේ චීනයේ EXIM බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර මෙම එකඟතාවය පසුගිය මස අග දී ඇති කරගත් බව…

ආනයන සීමා ඉවත් කරයි

භාණ්ඩ ආනයනය සඳහා පැවති සීමා ඊයේ රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව වාහන හැර අනෙක් සියලු භාණ්ඩ සඳහා එම සීමා සිඔයල්ල ඉවත් වනු ඇත.

අයි එම් එෆ් – ලෝක බැංකු වාර්ෂික සමුළුව අද ඇරඹෙයි

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික සමුළුව මොරොක්කෝවේ මරකේශ නුවර දී අද ආරම්භ වෙයි . එය මෙම මස 15 දා දක්වා පැවැත්වීමට නියමිත ය. ලෝකයේ ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල් ඉන් මුදාගැනීමේ උපායමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත ය. ඒ සඳහා විශේෂ සැසියක් 12 දා ට යොදාගෙන ඇත. මුදල්…

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත මගේ වැඩක් නොවේ : 2016 සිට ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක්- අමාත්‍ය ටිරාන් අලස්

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත තමන්ගේ ක්‍රියාවක් නොවන බවත්, 2016 සිට  අධිකරණ ඇමතිවරුත් දෙදෙනකු යටතේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක  ඇමති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කොට ඇත. අදාළ පාර්ශව සමග සාකච්ඡා කොට එය වෙනස් කිරීමට සුදානම් බව ද ඒ මහතා ප්‍රකාශ කරයි. ,ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමත්යනාශයේ මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක…