ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ශ්‍රී ලංකාව සමග එකඟතාවයක් ඇතිකර ගත්තා – චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනයේ ණය පිලිබඳ ගන්නා පියවර සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළේය.
චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයකු ඊයේ පැවති නිල මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කොට ඇත්තේ චීනයේ EXIM බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර මෙම එකඟතාවය පසුගිය මස අග දී ඇති කරගත් බව යි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු වන වැන්ග් වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ගැන වැඩි විස්තර ඔහු හෙළිදරව් කොට නැත.
