ඒ 350-9000 ගුවන් යානා සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගම වැඩියෙන් ගෙවලා- රාජ්‍ය ව්‍යවසාය ඇමති කබීර් හසීම්

පලවා හරින ලද මහින්ද රාජපක්ෂ ගේ රෙජීමයේ පාලන කාලය අතර තුර රජයට සම්බන්ධ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ විවාදාත්මක ගණු දෙනුවක් වූ ඒ 350-900 ගුවන් යානා සඳහා බදු වශයෙන් වැඩිපුර මුදල් ගෙවා ඇති බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතා ප්‍රකාශ කරයි. බදු වශයෙන් අදාළ සමාගමට මසකට ගෙවා ඇති වැඩිපුර මුදල ඇමෙරිකානු ඩොලර් මිලියව…

ලසන්ත ඝාතනයේ හෙළි නොවූ රහස්‌

මිනිස්‌ ජීවිතයක වටිනාකමක්‌ නොතිබුණු කාලයක්‌ අපි පසු කළෙමු. තම දේශපාලන අභිප්‍රායන් මෙන්ම පෞද්ගලික අවශ්‍යතාවන් මත වටිනා ජීවිත රැසක්‌ විනාශ කර දැමීමට එම යුගයේ පාලකයන් කටයුතු කළ බව නොරහසකි. තමන්ට එරෙහිවන පුද්ගලයන් ඝාතනය කිරීම ඔවුන්ට පහරදී අත්පා කඩා දැමීම හේතුවක්‌ නොමැතිව සිරගත කිරීම වැනි හිතුවක්‌කාර තීන්දු තීරණ ගැනීමට එවකට පාලකයෝ ක්‍රියා කළහ. පසුගිය රජය සමයේ මේ සියලු…

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව නිමවෙයි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය :සයිටම්- ඉදිරියේදී රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම සම්බන්ධ ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යැමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් සහ රජය ඊයේ එකගතාවයකට එළඹ තිඛෙනවා. උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ රජයේ විශ්වවිද්‍යාල හතක වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව රජයේ…

වීරවංස-රනිල් ඩීල් පාරිල්මේන්තුවේදී හෙළිවුනා – ඇමති ඩිලාන් පෙරේරා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින රහස් ගනුදෙනුව  පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ශ්‍රීලනිප මූලස්තානයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. විමල් වීරංවසගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් “ඕන වෙනකොට මම අගමැති දැන් දෙල් කඳ පොලෙත්…

එයාර් ලංකා කළමනාකරණයටත් චීන – ඇමරිකානු සමාගමක් !

පාඩු ලබමින් පවතින එයාර් ලංකා හා මිහින් එයාර් කළමනාකරණය බර ගැනීමට චීනයේ විශාලතම පෞද්ගලික ගුවන් සමාගමක් වන හයිනාන් එයාර්ලයින්ස් සමාගම කැමැත්ත පලකොට ඇති බව මදය වාර්තා කියයි . ඇමෙරිකානු කෝටිපති ව්‍යාපාරික ජෝජ් සොරෝස්ගේ ඇමරිකන් එවියේසන් සමාගමට වැඩි කොටස් හිමිකමක් ඇති මෙය ගුවන් යන සන්ක්යව අනුව චීනයේ හතරවන ප්‍රධාන ගුවන් සමාගම බව කියති . චීනය තුල…

කැසිනෝ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ – අගමැති ලෝකයට කියයි

කැසිනෝ සඳහා කිසිදු ආයෝජකයකුට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිඛෙනවා. වික්‍රමසිංහ මහතා එසේ පැවසූයේ පෙරේදා (19 වැනිදා) සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ශැන්ග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. අනාගත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිදෙන ක්‌ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡා කෙරුණු අවස්‌ථාවේ එක්‌ ව්‍යාපාරිකයකු ප්‍රශ්න කළේ පසුගිය…

හම්බන්තොට වරාය සංවර්ධනය ” චයිනා මර්චන්ට් හෝල්ඩින්” සමාගමට

හම්බන්තොට වරාය සංවර්ධනය සදහා චීනයේ  ” චයිනා මර්චන්ට් හෝල්ඩින්” සමාගම ඉදිරිපත්වී ඇතැයි රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි . මලික් සමරවික්‍රම ඇමතිවරයා පසුගියදා චීනයේ කල සංචාරයේ ප්‍රතිපලයක් ලෙස මෙම එකගතාව ට එලබ ඇති බව කියති . ඒ අනුව වරායේ සංවර්ධනය දිගු කාලින වැඩ පිළිවෙලක් යටතේ මෙම සමාගමට ලබාදීමට නියමිත බව කියති . හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන…

රජයේ පස් අවුරුදු සංවර්ධන වැඩ පිළිවෙලේ ප්‍රධානියා අර්ජුන් මහේන්ද්‍රන්

රජයේ ඉදිරි  පස් අවුරුදු සංවර්ධන වැඩ පිළිවෙලේ ප්‍රධානියා ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි . රජයේ ඉදිරි ආර්ථික සැලසුම් සියල්ල මෙම පස් අවුරුදු වැඩ පිළිවෙලට ඇතුලත්ය . විදෙස් රටවල් සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම මෙම වැඩ පිළිවෙලේ ප්‍රධාන අංගයකි . කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය පරිපාලනය අවුල් කරනවා – විශේෂඥ වෛද්‍ය සංගමය

සීමාවාසික පත්වීම් ලබාදීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ අනවශ්‍ය මැදිහත්වීම් නිසා සෞඛ්‍ය පරිපාලනය අවුල් වී ඇති බවත් ඇතැම් ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි . විශේෂඥ වෛද්‍ය සංගමය විසින් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී කැදවා තිබු පුවත්පත් සාකච්චාවකදී මේ බව ප්‍රකාශ කොට ඇත්තේ විශේෂඥ ශල්‍ය…

රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට

මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන   අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු…

රනිල්ට වලකපන ශිරාල්, කිළී කල්ලියේ රෙදි ගැලවිමට මෙහෙයුමක්

එක්සත් ජාතික පක්ෂයට තර්ජනයක් වන ආකාරයට රටේ දේශපාලන තින්දු ගැනිම සදහා පසුගිය කාලසිමාවේ ජනාධිපතිවරයා පොළඹවාලීම සදහා කටයුතු කල කණ්ඩායම් ඉලක්ක කර මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තින්දුවක් ගෙන තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව කිළී මහා රාජාගේ මුදල්මත යැපෙමින් විවිධ සංවිධාන පිහිටුවාගෙන සිටින කණ්ඩායම් සහ එම කණ්ඩායම් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගේ  අතිශයින් රහසිගත…

වංචා දූෂණ සිදුවූ අමාත්‍යාංශවල විගණන කටයුතු සිදු කර නෑ

රාජපක්ෂ පාලන සමයේදී මහා පරිමාණයේ වංචා දූෂණ සහ අක්‍රමිකතාවලට අදාළව බරපතළ චෝදනා එල්ල වී තිබෙන අමාත්‍යාංශවල විගණන කටයුතු මෙතෙක් සිදු කර නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ. ඇමැතිවරු අගමැතිවරයාට එම පැමිණිල්ල සිදු කර ඇත්තේ රාජපක්ෂ සමයේ මහජන මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා එල්ල වී ඇති අමාත්‍යාංශවල නාම ලේඛනය ද සමගිනි….