කැසිනෝ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ – අගමැති ලෝකයට කියයි

කැසිනෝ සඳහා කිසිදු ආයෝජකයකුට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිඛෙනවා.

වික්‍රමසිංහ මහතා එසේ පැවසූයේ පෙරේදා (19 වැනිදා) සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ශැන්ග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

අනාගත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිදෙන ක්‌ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡා කෙරුණු අවස්‌ථාවේ එක්‌ ව්‍යාපාරිකයකු ප්‍රශ්න කළේ පසුගිය රජය කැසිනෝ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ඇරඹිම සඳහා සුප්‍රකට ව්‍යාපාරිකයන්ට අවස්‌ථා සැලසීමට ක්‍රියා කළ අයුරින් වත්මන් රජය ද කැසිනෝ ව්‍යාපාර දිරිමත් කරන්නේ ද යන්න පිළිබදයි.

එයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ කිසිදු ආයෝජකයෙකුට අලුතෙන් කැසිනෝ ව්‍යාපාර ඇරඹිම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉඩකඩක්‌ ලබා නොදෙන බවය. රට සංවර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාර උපකාරී කර ගැනීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය යන්න පිළිබදයි.

මෙම ව්‍යාපාරික හමුවට විවිධ ක්‌ෂේත්‍ර නියෝජනය කරන සිංගප්පූරුවේ ප්‍රමුඛ ව්‍යවසායකයින් රැසක්‌ එක්‌වූ අතර, ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන අනාගත ආයෝජන අවස්‌ථා පිළිබඳව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් විසින් කරුණු ගෙනහැර දක්‌වන ලදී.

මෙම හමුවට එක්‌වූ සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්‌. ඊස්‌වරන් මහතා පැවසූයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ පරිසරයක්‌ දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතින බවය.

ඒ අවකාශයෙන් ප්‍රයෝජන ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එක්‌වන ව්‍යවසායකයන් සඳහා සිංගප්පූරු රජයේ සහය ලබාදෙන බව ද ඊස්‌වරන් මහතා වැඩිදුරටත් සදහන් කළා.

lankaanews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *