තමන්ගේ ම පක්ෂ සමග සජිත් අලුත් ගිවිසුමක් අත්සන් කරයි

  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සන්ධානයට මුල සිට සම්බන්ධ වී සිටි වතුකරයේ  පක්ෂ සහ කණ්ඩායම් සහ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග නව ගිවිසුමකට ඊයේ අත්සන තබා ඇත. උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ සමගි ජන සන්ධානයේ  දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සමග…

බලකණු තුන හැප්පෙයි ; ජනපතිගේ නිර්දේශ බෑ කී ව්‍යවස්ථා සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. වත්මන් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරැනාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයා පිළිබඳවයි. නීතීඥ සරිත් මහීපුත්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා විපක්ෂ නායකවරයා ඇතුළු…

සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනය අවසන්

  සෞඛ්‍ය සේවයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට ඇත. ඒ අනුව හෙට දින උදේ 6.30 සිට වැඩ වර්ජනය අවසන් කරන බව වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කොට ඇත. වෛද්‍යවරුන්ට ලබා දුන්  ඩට් දීමනාව තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වැඩ වර්ජනය කැඳවා තිබිණි. කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ට දුන් දීමනාව ඒ අයුරින්…

|

පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙයි

  ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික කැපීපෙනෙන ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී දින 91 සහ දින 182 බිල්පත් පොලී අනුපාතික, තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහතට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී එක් එක් කල්පිරීමේ කාලයන්ට…

වර්ජිත සෞඛ්‍ය සේවකයන්ට දිගටම ගෙදර ඉන්නැයි කියයි; එම සේවා පුද්ගලික අංශයට දෙන්න යෝජනා !

වැඩ වර්ජනයක යෙදී සිටින සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සේවකයන් දිගටම තම නිවසේ රැඳී සිට එම වර්ජනය කරගෙන යන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටී. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ රජයේ රෝහල්වලට සුළු සෞඛ්‍ය සේවකයන් පත් කිරීමෙන් රජය සැලකිය යුතු මට්ටමේ වරදක් කර ඇති බවය. විදේශ රටවල සෞඛ්‍ය සේවාවල මෙම කටයුතු සිදු කරන්නේ…

නව බඳවාගැනීම් නැහැ ; හමුදාව අඩකින් අඩු කරයි

  නව බඳවාගැනීම් නතර කර හමුදා බලය මේ වසර අවසානයේ තුනෙන් එකකින් සහ 2030 වනවිට අඩකින් අඩු කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. යුද හමුදාවේ අනුමත පිරිස් බලය 200,783 ක් වුව ද මේ වන විටත් එය 150,000 ට ආසන්න වන තත්ත්වයට අඩු කොට ඇතැයි කියති. මේ වසර…

උමා ඔයට අනුමැතිය දුන්නේ අනුරකුමාර දිසානායක – මහින්ද රාජපක්ෂ

පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කර දෙන්නේ, 2005 වසරේ ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු…

මාලිමා ආණ්ඩුව පුද්ගලික කැම්පස්වලට විරුද්ද නෑ ; මගේ දුවත් ඉගෙන ගත්තේ ඒකක .; දැන් ඒකකම උගන්වනවා – ලාල් කාන්ත

  ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල වසා නොදමන බව එහි විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි. රජය මැදිහත්විය යුත්තේ අධ්‍යාපනයේ ප්‍රමිතිය මැන බැලීමට පමණක් බවද අධ්‍යාපනයෙන් ලබාගත නොහැකි පිරිස සොයාබැලීම රජයේ රජයේ වගකීමක් ලෙස සලකන බවද ඔහු කියා සිටියි. තම දියණිය පුද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බවත්…

|

ඩොලරය 280 ට අඩුවේවි – බන්දුල

තව නෙබෝ දිනකින් ඩොලරයක මිල රු. 280 ක් දක්වා අඩුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදුකළේය. “විනිමය අනුපාතය අඩුවෙලා තියෙනවා. පසුගිය වර්ෂයේ ඉතාම දරුණු විනිමය අර්බුදය තිබුණු වෙලේ, තෙල් නැති අවස්ථාවේ දී ඩොලරය උන්ඩියල් කළේ රුපියල් 400 ට. අද ඩොලරයට ගෙවන්නේ…

අමුල් සමාගම හා එක්ව මෙරට කිරි කර්මාන්තය දියුණු කරනවානම් අප ඊට එකගයි – සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ම

ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කිරීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට එකඟතාවය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමිනි. “ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කර ගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු තත්ත්වයට පත්…

ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිකම මට නැති කළේ ආණ්ඩුව නොවෙයි විපක්ෂයයි

  ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිකම තමාට අහිමි කළේ ආණ්ඩුව නොව විපක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බණ්ඩාරගම, මිල්ලගස් හන්දියේ ඊයේ (11) පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (11) බණ්ඩාරගම, මිල්ලගස් හන්දියේ පැවැති රැස්වීමක් අමතමිනි. එක්සත් ජනරජ පෙරමුණේ බණ්ඩාරගම ආසන සංවිධායක විශ්‍රාමික කපිතාන් ගයාන් විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම…

ඔන්ලයින් පනතට සංශෝධන 47 ක් කැබිනට් මණ්ඩලයට

  මාර්ගගත  ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනතට සංශෝධන 47 ක් හෙට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. පනතේ ඇති ඇතැම් දුරවලතා නිවැරදි කිරීමත්, විපක්ෂය ඇතුළු විවිධ කණ්ඩායම්වල අදහස් ඇතුලත් කිරීමත් මෙම සංශෝධන පනත මගින් කිරීමට නියමිත ය. මෙම ඇතැම් සංශෝධන පනත සම්මත කරන්නට පෙර සිට සුදානම් කොට තිබු නමුත් ඒ වන විට පනත ශ්‍රේෂ්ටාධිකරණයේ…