සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනය අවසන්

සෞඛ්‍ය සේවයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට ඇත.
ඒ අනුව හෙට දින උදේ 6.30 සිට වැඩ වර්ජනය අවසන් කරන බව වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කොට ඇත.
වෛද්‍යවරුන්ට ලබා දුන් ඩට් දීමනාව තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වැඩ වර්ජනය කැඳවා තිබිණි.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ට දුන් දීමනාව ඒ අයුරින් ම සියලු කාර්ය මණ්ඩලයට ලබා දිය නොහැකි බව රජයේ ස්ථාවරය වී තිබේ.
