මේ ජනාධිපතිට තියෙන බලය ඉදිරියේ පත්වන ජනාධිපතිට නෑ – එතකොට 19යෙ පශ්නය ඉවරවේවි – ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව මගින් ඊයේ (04) රාජගිරියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. ඇයි අපි 19 වන සංශෝධනය රටට ගෙනාවේ. සියලුදෙනාම ඒක රටට ගෙනාවා. ඒකට හේතුව වුණේ පෙර තිබුණු ආණ්ඩු කාලේ අපි දැක්කා, 18 වන සංශෝධනයේ තියෙන අඩුපාඩු. ඒකක් නම් ඒ සංශෝධනය යටතේ එක පුද්ගලයකුට, ජනාධිපතිතුමාට විශාල බලතල…
