කොමිසමට දුන් වගුවක වැරැදි විගණකාධිපති පිළිගනී

ප්‍රශ්නගත බැඳුම්කර සම්බන්ධයෙන් විගණකාධිපති කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවට ලබාගත් සාම්පල වල දත්ත අනුසාරයෙන් බැඳුම්කර කොමිසම හමුවට විගණකාධිපති ඉදිරිපත් කරන ලද ප්‍රධාන වගුවක දත්ත වැරදි දත්ත බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (16) පිළිගත්තේය. නීතිඥ චානක ද සිල්වා මහතා විගණකාධිපති විජේසිංහ මහතාගෙන් සාක්කි විමසමින් වගුවේ සඳහන් එම වැරදි…

පළාත් සභා මැතිවරණත් කල් දමන සුදානමක් – කැෆේ සංවිධානය

වසර දෙකට ආසන්න කාලයක් පලාත් පාලන ඡන්ද විමසීම කල් දැමූ ආකාරයටම පළාත් සභා ඡන්ද විමසීම ද, දින නියමක් නොමැතිව කල් දැමීම සදහා රජය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍ර‍කාශ කරයි. දිවයිනේ සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකවර පැවැත්වීමට අවශ්‍ය බව කියමින් ලබන අගෝස්තු මස කාලය අවසන්වීමට නියමිත…

පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කර අවසන් -අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගං වතුර තත්ත්වය වර්තමානයේ…

සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැහැ – ජනපති

සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නොමැති බව වර්තමානයේ අනතුරු ඇඟයීම් තුළින් පිළිගැනීමට සියලු දෙනාට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අදට යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. මහා කඳු නාය යමින්, ගංගා උතුරා දෙගොඩ තලා යමින් නියං සාගත පැතිරෙමින් අපට සිහිකැඳවන්නේ සොබාදහමේ ඒ…

අගමැතිගේ සෞඛ්‍ය තත්වය යහපත් – ගමන කෙටිකර ආපසු එයි !

වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇමෙරිකාව බලා ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත්  බවත් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත් වෛද්‍ය වරුන් පවසා ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර මේ වනවිටත් ලබා දී අවසන් බව වාර්තා වෙයි . ලෝක සාගර සමුළුවට අද සහභාගී වන වික්‍රමසිංහ මහතා ඉක්මනින් ම ආපසු පැමිණීමට තීරණය කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි…

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු අටක් දිවුරුම් දෙති

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 04 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය…

ආපදාවට පත්වූවන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ඇ.ඩො.ලක්ෂ 5ක් !

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් කඩිනම් ආධාරයක් ලෙස ඇ.ඩො.ලක්ෂ 5ක (රු.මිලියන 75ක පමණ) පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් පවසා සිටියේ ගංවතුර හා නායයෑම්වලින් හානියට පත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ඔස්ට්‍රේලියාව කටයුතු කරන බවයි. ඒ අනුව, ඩිංගි බෝට්ටු, ගලවාගැනීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා…

රෝහල් රැසක බාහිර ප‍්‍රතිකාර අංශ සහ හෙද නිවාස යටවෙලා

ආපදා තත්ත්වය නිසා නෙළුව, අයගම, කලවාන රෝහල්වල කටයුතුවලට බාදා එල්ලවී තිබේ. එම රෝහල්වල බාහිර රෝගී ප‍්‍රතිකාර අංශ වෙනත් ගොඩනැගිලිවලට ගෙනගොස් තිබේ. හෙද නිලධාරීන්ගේ නිවාස 155ක් වගුරට යටවී ඇත. අවතැන් කඳවුරුවලට යැවීමට හෙද නිලධාරීන් 300ක් පමණ සුදානමින් සිටින බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා යුක්තියට පැවසීය . මනෝජ්

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.පොලිස් නිලධාරින්ගේ රජකරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වෛර ප්‍රකාශ සිදුකිරීම වැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ බව එම නිවේදනයේ දැක්වෙයි. ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම…

දිවයින පුරා හදිසි ආපදා තත්වයක් !

දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත. ගාල්ල, මාතර, හම්බන්තොට, මතුගම, රත්නපුර, කළුතර ආදී දිස්ත්‍රික්ක රැසක මාර්ග හා නගර ගංවතුරින් යටවී ඇති අතර නාය යාම් හේතුවෙන් බුලත්සිංහල, සපුගස්කන්ද හා අගලවත්ත යන ප්‍රදේශවලින් ජීවිත හානිද වාර්තා විය. පවතින අධික වර්ෂාවත් සමග දකුණු හා සබරගමු පළාත් ජලයෙන් යටවී ඇති…

ශෂී විරවංශගේ හොර ගමන් බලපත්‍රය අධිකරණයේ තිබියදී උස්සලා ?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂී විරවංශ සන්තකයේ තිබියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත් කළ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කරන ලෙස නිතිපතිවරයා    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණූ දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා එම ඉල්ලීම කරන…

ගෝඨාභයගේ නියෝග මත රතුපස්වල නිරායුද මිනිසුන් ඝාතනය කළ බ්‍රිගේඩියර් අත්අඩංගුවට!

රතුපස්වල පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රහස් පොලිසියේ දැනුම් දීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු ඔහුගෙන් යළි ප්‍රකාශයක් සටහන් කරගත්තේය.ඔහුගෙන් මීට පෙරද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. ඒ අනුව මේ වන විට රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ…