ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි. ලංකා සුදු ඩීසල් ලීටරයක…

කොළඹ උද්ධමනය සියයට 1.5 යි

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි අගය සියයට 1.5 ක් ලෙස වාර්තා වෙයි . ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ සියයට 1.3 හි සිට 2023 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.5 ක් දක්වා සුළු වැඩවීමක් වාර්තා කර තිබේ. එහිදී ආහාර කාණ්ඩයෙහි…

ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම ඉවත දමයි

  සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අධිකරණයේ බහුතර තීරණයකින්  නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළ බව මීට සුළු වේලාවකට පෙර නිවේදනය  කළේය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට  පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ…

එකතු කළ අගය මත බද්දේ වෙනසක්

එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළගොස්…

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ. නව සෞඛ්‍ය අමාත්‍ය  හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම අද (31) සිදුකර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් අවස්ථාවේ දී  මෙම පත්වීම ප්‍රදානය කර තිබේ. විශේෂඥ වෛද්‍ය ආනන්ද…

බදු විරෝධී වෘත්තීයවේදීන්ගේ යෝජනා රනිල්ගේ අයවැයෙන් එයි ?

  පෞද්ගලික අදායම් බදු වැඩි කිරීමට එරෙහිව පසුගිය කාලයේ විරෝධතාවල නිරත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තියවේදී සංවිධාන ඉදිරිපත් කළ විකල්ප යෝජනා ගණනාවක් ජනාධිපති, මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 දා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට ඇතුලත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. බදු පදනම පුළුල් කිරීම , හිග බදු අයකර ගැනීම ආදිය සම්බන්ධ යෝජනා එලෙස…

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත ඉදිරිපත් කළ බවය. ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත…

අයවැයෙන් සියලු වැටුප් වැඩි කරන බව ජනපති ඇමති මණ්ඩලයට කියයි

  මෙවර  අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට ඇත. ජනාධිපති මාධ්‍ය අංශයප්‍රකාශ කොට ඇත්තේ  අද (30) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ජනාධිපතිවරයා විසින් එම අදහස් පළකළ බවය. අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ…..

සජබ කඩන මොහොත ගැන එජාප රහස් සාකච්ඡාවකින් තීන්දුයි !

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට කැමැත්තෙන් සිටින සමගි ජන බලවේගයේ කණ්ඩායම සම්බන්ධ කර ගන්නේ කුමන අවස්ථාවේ දී ද යන්න ගැන එජාප ප්‍රබලයින් කිහිප දෙනකු ගේ  රහස් සාකච්ඡාවක දී තීරණය කොට ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි. පසුගිය දා පැවති මෙම රහස් සාකච්චාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා, සමග…

ජනාධිපතිවරණ මෙහෙයුමට රනිල් සිරිකොත අතහැර මල්පාරට එයි

  ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්ව පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස තරග වැදීමට සුදානම් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට සහය දෙන සියලු කණ්ඩායම්වල පොදු මුලස්ථානය ලෙස භාවිත කිරීමට කොළඹ මල්පාරේ තෙමහල් නිවෙසක් සුදානම් කරමින් සිටින බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ලෙස පිටකෝට්ටේ සිරිකොත මන්දිරය වෙනුවට මෙම නව කාර්යාලය…

සජිත් දිනවන්න ෆොන්සේකා බෑ කියයි

  ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇත. ෆොන්සේකා මහතා පක්ෂයට විරුද්ධව සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමට සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,…

සජබ මුජිබර් රහමන්ට සිදු වූ විපත යලි නොවන්න රනිල්ගෙන් විසඳුමක්

  කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා ඉල්ලා අස්වීම නිසා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ සජබ හිටපු මන්ත්‍රී මුජිබර් රහමන් මහතාට සිදු වූ ආකාරයේ හානියක් අනාගතයේ කිසිවකුට නොවන ලෙස ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඕනෑම තැනැත්තකුට තල දෙකක මැතිවරණ සඳහා තරග කිරීමටත් එබඳු තනතුරු දෙකක් එකවර දැරීමටත්…