ජනාධිපතිවරණ මෙහෙයුමට රනිල් සිරිකොත අතහැර මල්පාරට එයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්ව පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස තරග වැදීමට සුදානම් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට සහය දෙන සියලු කණ්ඩායම්වල පොදු මුලස්ථානය ලෙස භාවිත කිරීමට කොළඹ මල්පාරේ තෙමහල් නිවෙසක් සුදානම් කරමින් සිටින බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ලෙස පිටකෝට්ටේ සිරිකොත මන්දිරය වෙනුවට මෙම නව කාර්යාලය භාවිතා කිරීමට සුදානම් කරමින් පවතියි.
මල්පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට ස්ථානයක පිහිටා ඇති එම ගොඩනැගිල්ල මේ වනවිට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතියි.
රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන පොහොට්ටුවේ, සජබයේ, ශ්‍රීලනිපයේ, එජාපයේ සහ අනෙකුත් සියලු කණ්ඩායම් සම්බන්ධීකරණය මෙම නව කාර්යාලයෙන් සිදුකෙරෙනු ඇත.
