සජබ කඩන මොහොත ගැන එජාප රහස් සාකච්ඡාවකින් තීන්දුයි !

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට කැමැත්තෙන් සිටින සමගි ජන බලවේගයේ කණ්ඩායම සම්බන්ධ කර ගන්නේ කුමන අවස්ථාවේ දී ද යන්න ගැන එජාප ප්‍රබලයින් කිහිප දෙනකු ගේ  රහස් සාකච්ඡාවක දී තීරණය කොට ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

පසුගිය දා පැවති මෙම රහස් සාකච්චාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා, සමග මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු ඇමතිවරුන් පමණක් සහභාගී වූ බව වාර්තා වෙයි.

මනුෂ නානායක්කාර , හරින ප්‍රනාන්දු මහත්වරුන්ගේ සජබ සාමාජිකත්වය පිලිබඳ ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව ප්‍රකාශ වීමෙන් පසු නිසි මොහතක සජබ පිරිස සම්බන්ධ කර ගැනීමට එම සාකච්ඡාවේ දී තීරණය වී ඇත.

එමෙන් ම සජබ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සජබයෙන් ඉවත් කිරීමේ තත්ත්වය ද මෙහි දී සැලකිල්ලට ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව පොහොට්ටුව ක්‍රියා කරන තරමට සජබ කණ්ඩායමට ජනාධිපති සමග එකතු වීම පහසු වන බව ද එහි දී ප්‍රකාශ වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *