බඩඉරිඟු ආනයන තහනමෙන් වූ හානිය මකන්න ආණ්ඩුව තිරිඟු ගෙන්වන්න තීරණය කරයි !

බඩඉරිඟු ආනයනය තහනම් කිරීමෙන් ඉහළ ගොස් ඇති කුකුළු මස් සහ සත්ව නිෂ්පාදන මිල පාලනය කිරීම සඳහා තිරිඟු ආනයනය කිරීමට රජ තීරණය කොට ඇත. රජය පසුගිය වසරේ බඩඉරිඟු ආනයනය තහනම් කිරීම නිසා බඩඉරිඟු මිල සහ සියලු සත්ව ආහාර මිල විශාල ලෙස ඉහළ ගියේ ය. කුකුළු මස් කිලෝවක මිල රුපියල් 400 සිට මේ වනවිට 650 දක්වා මිල…

කොම්පෝස්ට් පොහොර ආනයන තීන්දුවත් රිවස් !

මෙරටට කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමට ගත්  කැබිනට තීරණය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව් එම වීරකෝන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ එම කැබිනට තීරණය අනුව කාබනික පොහොර ආනයනය කිරීමක් ද සිදු වී නැති බව යි. එමෙන් ම, එයින් සිදුවිය හැකි හානි පිළිබඳව කෘෂිකර්ම විශේෂඥයින් පේනවා දීම නිසා එම තීරණය ක්‍රියාත්මක…

බැසිල් සටන් බිමට එයි ; 6 දා මැතිසබයට ; මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ඉවතට !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මස 6 දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ඔහුට අවස්ථාව ලබා දීම සඳහා පොදුජන නිදහස් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත. රට මිහුන දී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් දීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවනු ඇතැයි…

කොවිඩ් මරණ 2,800 පනී; ආසාධිත සංඛ්‍යාව 248,000 පනී

අද දවසේ වාර්තා සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,800 ඉක්මවා ගිය අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 248,000 ඉක්මවා ගියේ ය. අද දවසේ නිකුත් කළ මරණ වාර්තාවට ඊයේ සිදු වූ මරණ 45 ක් ඇතුළත් වී ය. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 2,814 ක් වශයෙනි. අද දිනයේ අලුතින් වාර්තා…

මිනීමැරුමකට වරදකරු වූ දුමින්ද සිල්වාට හිතුවක්කාර ලෙස සමාව දුන්නාට දේශීය , විදේශීය විරෝධතා රැසක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද විරෝධතා එල්ල වෙමින් පවතියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශකොට ඇත්තේ මෙය රජය නීති අවභාවිත කිරීම ගැන තවත් උදාහරණයක් බව යි….

මරණීය දඩුවමට නියම වී සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීඒමට වැරදිකරු වී  මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි. පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු සිරකරුවන් 94 දෙනෙක් ජනපති සමාව යටතේ අද …

රනිල් පාර්ලිමේන්තු යැව්වේ සියලු පක්ෂ සමගි කරන්නයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

එක්සත් ජාතික පක්ෂය තම නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යැව්වේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ජාතික ප්‍රතිපත්තියක් වටා  සමගි කිරීමට බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය. අද රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ රට බේරා  ගැනීමට සියලු පක්ෂ එක්සත් ක්‍රියාමාර්ගයකට එළඹීම අවශ්‍ය බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. ඊයේ සිරිකොත මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු…

තවත් කොවිඩ් මරණ 65ක් ; ආසාදිතයින් 2205 ක්

තවත් කොවිඩ් මරණ 65 ක් අද දිනයේ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769 ක් දක්වා ඉහළ ගියේ ය. අද අලුතින් හඳුනාගත් බව වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2205 කි. මෙරටින් හමු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 246,091 ක් වශයෙනි.  

රනිල් දිවුරුම් දී වජිර සමග අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ හිමි බැහැ දකිති ; ඇල්ලේ හිමියනුත් හමු වෙලා !

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන දීර්ඝ සාකච්ඡාවක් නියැලුණු බව වාර්තා වෙයි. මෙම අවස්ථාවට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. මෙහි දී මුරුත්තෙට්ටුවේ හිමියන් රටේ පවතින අයහපත් තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල…

“පාර්ලිමේන්තුවට ලැබුණු ජනවරම ක්‍රියාත්මක කොට නැහැ “ ; රට මිලිටරිකරණය ගැන රනිල් විවාදයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවට ලැබුණු ජනවරම හරියට ක්‍රියාත්මක කොට නැති බවත්, රට මිලිටරිකරණයට ඉඩ හැර ඇති බවත්, කියමින් රජයට චෝදනා කළ එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම ක්‍රියාත්මක නොකිරීම ගැන පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව අද පාර්ලිමේන්තුවේ කළ කතාව මගින් ඉල්ලා සිටියේ ය. රට පාලනය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බව කී රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට්…

රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට අයිති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම මීට සුළු වෙලාවකට පෙර සිදු වී ය. එම පක්ෂයට අයත් මන්ත්‍රී ධුරය සඳහා මේ දක්වා කෙනෙකු පත්කොට නොතිබිණි. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්විය යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ ද එය භාර ගැනීම රනිල් වික්‍රමසිංහ…

අද මරණ 71 ක් සහ ආසාදිතයින් 2071 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 71 ක් අද වාර්තා වී තිබේ. ඒ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 2704 ක් දක්වා ඉහළ යවමිනි. අද දිනයේ අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2071 කි. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 143,891 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර දින තුනකට ලබා දුන් සංචරණ සීමා ලිහිල් කිරීම  හෙටින් අවසන් වෙයි…