කොම්පෝස්ට් පොහොර ආනයන තීන්දුවත් රිවස් !

මෙරටට කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමට ගත්  කැබිනට තීරණය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව් එම වීරකෝන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ එම කැබිනට තීරණය අනුව කාබනික පොහොර ආනයනය කිරීමක් ද සිදු වී නැති බව යි. එමෙන් ම, එයින් සිදුවිය හැකි හානි පිළිබඳව කෘෂිකර්ම විශේෂඥයින් පේනවා දීම නිසා එම තීරණය ක්‍රියාත්මක නොකරන බව ද, කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට ඇත.

මෙරට ක්‍රියාත්මක කොට ඇති ශාක නිරෝධායන නීති අනුව කාබනික පොහොර මෙරටට ගෙන්වීමට ඉඩක් නැත. ඒ මගින් විවිධ හානිකර වෛරස සහ රෝග රටට ඇතුළු වීමේ ඉඩ එයට හේතුව යි.

එම කරුණ පෙන්වා දුන් විට ඇතැම් ඇමතිවරුන් කීවේ විෂබීජ හරණය කොට පොහොර ගෙන්වන  බව යි. ඒ ගැන විශේෂඥයින් කීවේ එසේ කළ විට එය තව දුරටත් පොහොරක් නොවන බව යි.

අවසාණයේ පෙනී ගොස් ඇත්තේ කාබනික පොහොර ගෙන්වීම රසායනික පොහොර ගෙන්වීමට වඩා හානිකර බව යි.

නාගරික කසළ යොදාග ගෙන කාබනික පොහොර නිපදවන බව රජයේ මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ ගැන විශේෂඥයන් කියන්නේ එම කසළ වල ද විශාල වශයෙන් ලෝහ අපද්‍රව්‍ය ඇති බව යි. එයින් සිදුවන හානිය රසායනික පොහොර මගින් සිදුවන හානියට වඩා බරපතළ බව විශේෂඥ මතය වී තිබේ.

මෙම කරුණු පෙන්වා දීම නිසා රජයේ ඇතැම් පිරිස් කෘෂිකර්ම විශේෂඥයන්ට එරෙහිව ප්‍රහාරයක් ආරම්භ කොට ඇත්තේ රසායනික පොහොර මාෆියාවක් ගැන කියමිනි.

මෙම ප්‍රචාරක කටයුතු සඳහා කොටි ගණනක මුදලක් වියදම් කිරීමට ද රජය කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *