රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට අයිති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම මීට සුළු වෙලාවකට පෙර සිදු වී ය.
එම පක්ෂයට අයත් මන්ත්‍රී ධුරය සඳහා මේ දක්වා කෙනෙකු පත්කොට නොතිබිණි.
ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්විය යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ ද එය භාර ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා මුල දී ප්‍රතික්ෂේප කළේ ය.
කෙසේ වෙතත්, පසුව එම ඉල්ලීම පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා අද එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ ය.
