ණය සැහැල්ලු කරන්න චීනය තව ක්‍රියාමාර්ග ගත යුතුයි – ලෝක බැංකුව චීන බලධාරීන්ට කියයි

  සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල ණය බර සැහැල්ලු කිරීම සඳහා චීනය තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව ලෝක බැංකුව පවසා ඇත. මෙම සාකච්ඡාව සඳහා චීන රජය නියෝජනය කරමින් චීන අග්‍රාමාත්‍ය ලී ක්චියෑන්ග්, මුදල් අමාත්‍ය ලූ කුන් සහ චීන…

ඉන්දියාවෙන් නැවතත් ශ්‍රී ලාංකිකයින්ට e-visa

ශ්‍රී ලාංකිකයින් ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම් විවෘතව පවතී. අද දෙරණ 

ණය ර්අබුද විසඳන්න සහය දෙන්න චීන බැංකු එකඟ වුණා – ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්

ණය ර්අබුද  විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට චීන බැංකු එකඟ වූ බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කොට තිබේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී තිබෙන ණය අර්බුදය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා…

වැට් බදු , ආදායම් බදු පනත් සම්මතයි ; නව ආදායම් බද්ද ජනවාරි 1 දා සිට

එකතු කළ අගය මත බදු (වැට් බදු ) පනත දේශීය ආදායම් පනත අද පාර් ලිමෙන්තුවේ දී සම්මත වී ය. එකතු කළ අගය මත බදු පනත තෙවැනි වර කියවීමේ දී පක්ෂව ඡන්ද 82 ක් සහ විපක්ෂව 41 ක් ලැබුණු අතර දේශීය ආදයම් පනත සඳහා පක්ෂව 79 ක් සහ විපක්ෂව 36 ක් ලැබිණි. දේශීය ආදායම් බදු පනතේ…

ඩයනා දැමූ නඩුවට සජිත්ට රංජිත්ට නොතීසි

  සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් ලබන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි නියම කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය විපක්‍ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද 09) නොතීසි හා සිතාසි නිකුත්  කළාය. සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව පිටස්තර…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සුදානම් – චීන අගමැති මුල්‍ය අරමුදලේ ප්‍රධානීට කියයි

තුන්වන ලෝකයේ රටවල ණය පරතිව්යුහගතකිරීමේ ක්‍රියාවලියකට චීනය එකඟ බව චීන අගමැති ලී කෙචාන්ග් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියා මහත්මියට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. චීන අගමැතිවරයා පවසා ඇත්තේ ජී 20 කණ්ඩායමේ සාමාජිකයින් සමග එක්ව සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට තමන් එකඟ වන බව යි. චීන අගමැති ලී කෙචාන්ග් මහතා   ජාත්‍යන්තර මුල්‍ය…

විදුලි ගාස්තු වැඩි කරන නොකරන බලය තිබෙන්නේ ඇමැතිටයි කැබිනෙට්ටුවටයි

– මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ගැන තීරණය ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට බාරයි – රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු හැසිරෙන ආකාරය දැන ගත යුතුයි විදුලි ගාස්තු වැඩි කිරීමට ඉඩ නොදෙන බව පවසන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් ගත යුතු පියවර තීරණය කිරීම පාර්ලිමේන්තුවට පවරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය. විදුලි ගාස්තු වැඩි කිරීමේ…

තමා ජනාධිපති වීමේ රහස රනිල් හෙළිකරයි

  තමාට ජනාධිපතිවීමට හැකි වීමේ රහස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී හෙළි කළේය. විදුලි බිල සියයට 50 වැඩි කිරීමට කිසිදු දේශපාලඥයකු කැමති නොවන බව කී ජනාධිපතිතුමා විපක්ෂය දෙසට හැරී කීවේ ” ඔයගොල්ලෝ කවුරුත් ඒ තීරණය ගන්න කැමති නැහැනේ – එකනේ මාව මෙතනට පත් කළේ ” යනුවෙනි. ඊට පෙර අද දිනයේ පාර් ලිමේන්තුව…

2023 අයවැය තෙවැනි වරත් වැඩි ඡන්ද 43 කින් සම්මතයි

  ලබන වසර (2023) සඳහාවූ  රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද පැවති තෙවැනි වර ඡන්ද විමසීමේ දී  (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  80 ක් පමණි. සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය,දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන…

පාර් ලිමෙන්තුවේ විධායක සභාවට අයි එම් එෆ් , ලෝක බැංකු හමුවක් – ජනාධිපති පොරොන්දු වෙයි

රටේ ආර්ථික තත්ත්වය තත්ත්වය සහ ජාත්‍යන්තර ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර් ලිමෙන්තුවේ විධායක සභා සාමාජිකයින් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡාවක් සුදානම් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අයවැය විවාදයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා අද මේ බව කී ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක…

වාර් තාව බාගෙට කියවා ජනතාව නොමග යවන්න එපා – ඇමැති කංචනගෙන් හිටපු ඇමැති චම්පිකට දැඩි ප්‍රහාරයක්

  ජල විදුලි සහ පුනර් ජනනීය බලශක්ති බලාගාර රජය යටතේ තිබිය යුතු බව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාවේ පැහැදිලිව තිබිය දී එක්කෝ වාර් තාව බාගෙට කියවා හෝ එසේ නැතිනම් හිතා මතාම හෝ  එම බලාගාර පුද්ගලික අංශයට දෙන්නට යෝජනා කොට ඇති බව කියමින් ජනතාව නොමග හරින්නට ක්‍රියා නොකරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා…

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී සැර ප්‍රකාශයක්

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අද (08) ජනාධිපතිවරයාගෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළේය. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ, 2013 වසරේ සිට මේ දක්වා රු බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇති බවය. “අපි අගෝස්තු මාසයේ වැඩි කළා. ඒක මදි. දැන් බිලියන 151 අලාභයයක් ලැබෙන්න තියෙනවා. දැනට අපේ සම්පූර්ණයෙන්ම අලාභය 2013 සිට බිලියන 300ක්. මේ කාලයේ දී බිලියන…