විදුලි බිල වැඩි නොකළොත් කප්පාදුවට හුරුවෙන්න වෙයි -ඇමති කංචන

විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය කාලයේ සිදුවු පාඩු පියවාගැනීමට විදුලි බිල වැඩිකරන බවට ඇතැමුන් චෝදනා කළ…

සියයට හැටකින් විදුලි බිල ඉහළට ; දිළිඳු පවුල් ලක්ෂ 30 කට ඍජු මුදල් සහනාධාර

  ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවත්, එයින් පීඩාවට පත්වන දිළිඳු පවුල් ලක්ෂ 30 කට රජයෙන් ඍජු සහනාධාරයක් ගෙවීමට කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කාන්චන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය. එකක 30 කට අඩුවෙන් විදුලිය භාවිතා කරන පවුල් ලක්ෂ 14 කට සහ 60 කට…

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ ගෙළ සිර කළ වයරය ඔහු ම රැගෙන ඇවිත් ?

  ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර මහතා ගෙල සිරවී තිබූ ඇන්ටනා වයරය සහ   අත් දෙක බැඳ තිබූ පටිය ඔහු පදවාගෙන පැමිණි මෝටර්  රථයේ වම්පස අසුන මත  තිබෙන අයුරු දැක්වෙන සීසීටිවී දර්ශනයක් එම  අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විමර්ශකයන්  මේ වනවිට  අනාවරණය කරගෙන ඇති අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කිරීමට පෙර ගෙල සිරවී…

මැතිවරණ ප්‍රචාරණ වැඩට කඩදාසි ගෙන්වන්න ඩොලර් නෑ – මහ බැංකුව කියලා

  මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක දී පක්ෂ සහ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වැඩ සඳහා කඩදාසි විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා ඇතිවන ඉල්ලුම සැපයීම සඳහා කඩදාසි ආනයනය සඳහා විදේශ විනිමය සැපයීම ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් මුදල් අමාත්‍යංශයට දන්වා ඇති බව තතු දත් ආරංචි මාර් ග කියයි. මැතිවරණයක දී සියලුම දේශපාලන පක්ෂ මෙන් ම අපේක්ෂකයින්…

ගෝඨා ඇමෙරිකාවට

හිටපු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක්  ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගියහ. මෙම පිරිස එමිරේට්ස් ගුවන්  ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස්…

පාසල් පොත් ගන්න සහනාධාරයක් – ජනාධිපති රනිල්ගේ තීරණයක්

  පාසල් පොත් සහ වෙනත් උපකරණ මිල ඉහළ ගොස් තිබීම සැලකිල්ලට ගෙන ඒවා මිල දී ගැනීම සඳහා සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. සිරිකොත දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා කීවේ පාසල්…

විදුලිය කපනවා නම් බිල වැඩි කළ යුතු නැහැ – චම්පිකගේ කතාව ගැන අමාත්‍යංශය කියයි

  දැනට පවතින විදුලි කප්පාදුව දිගට ම පවත්වාගෙන යන්නේ නම් සහ වැසි තත්ත්වය මෙලෙස ම පවතින්නේ නම් චම්පික රණවක හිටපු ඇමතිවරයා කියන ආකාරයෙන්  ලංකා විදුලි බල මණ්ඩලයට ලාභ පෙන්විය හැකි බවත්, විදුලි ගාස්තු වැඩි කළ යුතු නොවන බවත් විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියක් ප්‍රකාශ කළේය. පසුගිය ඔක්තෝබර් මාසයේ ලංවිම ලාභ ලබා ඇති බවත්, විදුලි ඉල්ලුම අඩු…

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ උඩුයටිකුරු වෙයි

      ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන්…

ගල් අඟුරු ඉවර බව උපයෝගිතා කොමිසමේ සභාපති කියද්දී ගල් අඟුරු ප්‍රමාණවත් බව මණ්ඩලය කියයි

  නොරච්චෝලේ බලාගාරය සඳහා ඇති ගල් අඟුරු තොග ජනවාරි 2 දා අවසන් වන බවත් විශාල විදුලි කැපීමක් සිදු කළ යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක අන්ද්රු නවමනි මහතා ප්‍රකාශ කොට ඇත්තේ ජනවාරි 8 දා දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ඇති බවයි. එක ජනන යන්ත්‍රයක්…

විදුලි කැපීමේ වැඩිවීමක් නැහැ ; ජනවාරි 8 දක්වා ගල් අඟුරු තිබෙනවා ; නැව 4 දා එනවා

නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය වත්මන් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනවාරි 8 දා දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ඇති බවත්, අලුත් තොග රැගත් නැව ජනවාරි 4 දා මෙරටට ළඟාවීමට නියමිත බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇත. මෙම නිවාඩු කාලයේ ඇතැම් කාර්යාල සහ ආයතන නිවාඩු දී තිබීම නිසා ඉල්ලුම අඩු වීමත්, දැවිතෙල්…

මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි – බැසිල්

  මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහ ඡන්දයෙන් බහුතර බලය ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවද හෙතෙම පවසයි. සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පළ කර ඇත….

අඩු මිලට දිය හැකි යැයි කී ගල් අඟුරු වීරයෝ තාමත් නෑ!

ගල් අඟුරු අඩුමිලට ලබාගත හැකි බව පසුගිය දිනවල ප්‍රකාශ කළ කිසිවකු මේ වන තෙක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් වී නැතැයි අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ පැවසීය. නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සඳහා 2022 වසරට අදාළ ටෙන්ඩර් කැඳවා රුසියන් සමාගමක් තෝරා ගත් බවත් එම සමාගම ගල් අඟුරු සපයා මාස හයකට පසු මුදල් ලබා ගැනීමට එකඟවී සිටි…