විදුලිය කපනවා නම් බිල වැඩි කළ යුතු නැහැ – චම්පිකගේ කතාව ගැන අමාත්‍යංශය කියයි

 

දැනට පවතින විදුලි කප්පාදුව දිගට ම පවත්වාගෙන යන්නේ නම් සහ වැසි තත්ත්වය මෙලෙස ම පවතින්නේ නම් චම්පික රණවක හිටපු ඇමතිවරයා කියන ආකාරයෙන්  ලංකා විදුලි බල මණ්ඩලයට ලාභ පෙන්විය හැකි බවත්, විදුලි ගාස්තු වැඩි කළ යුතු නොවන බවත් විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියක් ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් මාසයේ ලංවිම ලාභ ලබා ඇති බවත්, විදුලි ඉල්ලුම අඩු වී ඇති බවත්, එබැවින් විදුලිගාස්තු වැඩි නොකළ යුතු බවත්, හිටපු ඇමති චම්පික රණවක මහතා කළ ප්‍රකාශය ගැන අප කළ විමසුමකට පිළිතුරු ලෙස එම නිලධාරියා කීවේ ඔක්තෝබර් මාසයේ ඉන්ධන නොමැති නිසා ඩීසල් බලාගාර ක්‍රියාත්මක නොකර විදුලිය කැපීමෙන් වියදම් අඩු වූ බව යි. එමෙන් ම වැස්ස ලැබීම නිසා ජල විදුලි නිෂ්පාදනය වැඩි වූ අතර විදුලි පරිභෝජනය ද අඩු වී ය.

වැස්ස පවතින විට වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතය අඩු වන නිසා නිෂ්පාදනයේ අවශ්‍යතාවය ද අඩුවෙයි. එම විදුලි ඉල්ලුම අඩු වීම වැසි අඩු වීමත් සමග අවසන්වනු ඇත.

එලෙස විදුලිය කපන්නේ නම් ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නැති බවත්, ගාස්තු වැඩි කිරීම අවශ්‍ය වන්නේ නොකඩවා විදුලිය ලබා දීමට බවත්, අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *