මහ මැතිවරණය ජුනි 20 ත් නෑ!

මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ජුනි 20 දා දිනය නියම කොට ඇතත් එදිනට ද මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. එදිනට ද මැතිවරණය පැවැත්විය නොහැකි බවට දේශපාලන පක්ෂ අතර එකගත්වයක් පවතින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි . ඉකමනින් මැතිවරණය පැවත් වීමට ආණ්ඩුවට වුවමනා  වී තිබුණ ද ජනතා විරෝධය නිසා ආණ්ඩුවේ…

ඊයේ අලුත් රෝගීන් 20ක්; එකතුව 330ක්

ඊයේ දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයන් 20 දෙනකු අලුතින් සොයා ගැනීමත් සමඟ මෙරටින් හමුවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 330ක් වී ය. මේ අතර පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ  නාවික හමුදා සෙබලෙකුට ද  රෝගය අසාදනය වී ඇති බව සොයාගෙන ඇත. වැලිසර නාවුක හමුදා කඳවුරේ සේවය කළ ද ඔහු කොවිඩ් සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ වී නැත. මේ නිසා එම සෙබළා…

සජිත්ගේ 15ක් සිරිකොතේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් දුරකතනය ලකුණ දරන සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂයේ  හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හයදෙනක් හා මන්ත්‍රීවරු නවදෙනෙක් යළි එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි. මෙම සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම…

ඊයේ අලුත් රෝගීන් 6යි ; කොරෝනා අසාදිත සංඛ්‍යාව 310 ට නගී

තවත් කොරෝනා ආසධිතයින් 6 දෙනකු ඊයේ හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කොවිඩ් 19 ආසාධිත මුළු සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇත. මේ අතර රෝගීන් 110 දෙනකු සම්පුර්ණ සුවය ලබා මේ වන විට පිටව ගොස් ඇත.

|

ලොක්ඩවුන් කිරීමට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණ – සෞඛ්‍ය සේවකයෝත් පාරට බසිති

ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ, වසංගතය ව්‍යාප්ත වීම අඩාල කිරීම පිණිස පවත්වාගෙන යන ලොක්ඩවුන් කිරීමට එරෙහි ජනතාව මේ වන විට උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. අද වන විට දැකගත හැකි වන්නේ සෞඛ්‍ය සේවකයන් ද සිය නිල ඇඳුම් පිටින්ම එම විරෝධතාවලට එක් ව ඇති ආකාරයයි. ‘Free Colorado’ සහ ‘කුඩා ව්‍යාපාර විනාශ නොකරනු‘ යනාදී පුවරු ද උද්ඝෝෂකයන් අතේ දැකගත හැකි විය. කොලරාඩෝ ජනපදය නැවත…

අවශ්‍ය වුණොත් මැතිවරණය නැවත කල් දාන්න එකඟවෙලා

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනිදා නියම කර ඇති බවත් එම දිනය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවට පෙනී ගියහොත් නැවත මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බැලීම සඳහා කොමිසමේ සාමාජිකයන් එකඟ වී ඇති බවත් වාර්තා වෙයි. අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ජුනි 20 වැනිදා මැතිවරණ…

රජය නීත්‍යානුකූලව ඇඳිරි නීතිය පනවා නෑ. අපි පිළිපදින්නෙ රටේ තත්වය නිසා. නඩු බෑ – සුමන්දිරන්

නීතිමය වශයෙන් ඇඳිරි නීතිය පැනවිය හැකි ක්‍රම කිහිපයක්ම තිබියදීත් රජය කුමක් හෝ හේතුවක් මත එසේ නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් සිදුකර නොමැති බවත් එහෙයින් පොලිසිය විසින් කරන අත් අඩංගුවට ගැනීම් සහ වාහන රඳවා ගැනීම් නීතිවිරෝධී ක්‍රියාවන් බවට පත්ව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.  කෙසේවෙතත් රටේ පවතින තත්වය සලකා බලා ඇඳිරි නීතිය…

මහ මැතිවරණය ජුනි 20 ; ගැසට් පත්‍රය නිකුත් කෙරෙයි

මහ මැතිවරණය ජුනි මස 20 දින පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම අද තීරණය කොට ඇත. ඒ සඳහා වන ඇති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කෙරෙන බව වාර්තා වීය.

අද තව රෝගීන් 8ක් හමුවෙයි ; දවසට 32යි ; එකතුව 303යි ; පාලනය ගිලිහුනා දැයි සැකයක් !

අද දිනය තුළ තවත් කොරෝනා  ආසාදිතයන් 8 දෙනකු සොයා ගැනීමත් සමග එක දිනක දී රෝගීන් 32ක් වාර්තා කරමින් උපරිම තත්ත්වයට පත්විය. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 303 දක්වා ඉහල ගියේ ය. මේ අනුව මෙතෙක් පවත්වාගෙන ආ කොරෝනා රෝග පාලනය ගිලිහී ගියේදැයි සෞඛ්‍ය අංශවල සැක මතු  වී ඇති බව කියති. ඉන්දියාවේ සංචාරය කළ කාන්තාවක් ස්වසන රෝගී…

කසිප්පු පෙරීම ගෘහ කර්මාන්තයක් වීමෙන් පසු ආණ්ඩුව බාර් අරින්න තීරණය කරයි

ඇඳිරි නීතිය ඉවත් කළ ද රට බීම හල් විවෘත කිරීම තහනම් කොට තිබු ආණ්ඩුව අද සිට එම තහනම ඉවත් කොට ඇත. ඒ අනුව ඇඳිරි නීතිය ඉවත්කළ ප්‍රදේශ වල එම කාලය තුළ බීම හල් විවෘත කිරීමට අවසර දී තිබේ . මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජන මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ පසුගිය දිනවල නීති විරෝධී මත්පැන් පෙරීම…

සෙනග නැතිව බස් දුවන්න බැරිනම් ගෙදර තියාගෙන ලීසිං ගෙවන්න – දෙරණේ චතුරගෙන් බස් ගැමුණුට තර්ජනයක්

ප්‍රමාණවත් මගී සංඛ්‍යාවක් නැතිව බස් දුවන්න බැරි නම් බස් ගෙදර තියාගෙන ලීසිං ගෙවන්න යයි දෙරණ රුපවාහිනියේ චතුර අල්විස් මාධ්‍යවේදියා අද බස් හිමියන්ට තර්ජනාත්මකව ප්‍රකාශ කළේය . නැතිනම් පැමිණ බස් ධාවනය කරන ලෙස ද ඔහු වැඩිදුරටත් පැවසීය. මගීන් 20 -25ක් පමණක් පටවාගෙන බස් ධාවනය කිරීම මගින් පාඩු ලැබිය නොහැකි බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති…

සෙනග නැතිව බස් දුවන එක පාඩුයි, සහනාධාරයක් ඕනෑ – පෞද්ගලික බස් හිමියෝ ඉල්ලති

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව බස් රථයක ගමන් කළහැකි උපරිම මගීන් ප්‍රමාණය 25 කට සීමා කිරීම හේතුවෙන් බස් රථ ධාවනය කිරීමට සිදුවන්නේ පාඩු ලබමින් බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පාඩු ලබමින් බස් රථ ධාවනය කළහොත් බස් කර්මාන්තය අර්බුද ගණනාවකට මුහුණ දෙන බවයි. ඔහු අවධාරණය කරන්නේ…