සේවක විරෝධතාවයෙන් කුරුණෑගල පොහොට්ටු රෝහල් අධ්‍යක්ෂකට රෝහල් භුමිය තහනම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට රෝහල් භූමියට එන්නට නොදී සේවකයෝ  අද දින ප්‍රබල විරෝධතාවයක යෙදී සිටියෝ ය. වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටියි . ඒ  සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ…

රාජිතගේ ඇප අවලංගුයි ; රිමාන්ඩ් කරන්න නියෝග

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබීම අවලංගු කළ මහාධිකරණය සේනාරත්න මහතා රිමාන්ඩ් කිරීමට නියෝග කළේ ය. සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිතුමා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ. ජනාධිපතිවරණ සමයේ රාජිත සේනාරත්න මහතා සංවිධානය කළ සුප්‍රසිද්ධ සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන්…

ඊයේ දිනයට කොරෝනා ආසාදිතයන් 20 යි ; 19 ක් නාවීක හමුදා පොකුරෙන්

ඊයේ රාත්‍රී තවත් ආසාදිතයින් 10 ක් හමුවීමත් සමග ඊයේ හමු වූ ආසාදිත සංඛ්‍යාව 20ක් බවට පත්වීය . ඔවුන් අතරින් 17 ක් නාවික හමුදා සෙබළුන් වූ අතර තවත් දෙදෙනෙක් නාවික භටයන් ඇසුරු කළවුන් ය. ඒ අනුව වැලිසර නාවික හමුදා පොකුරෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාවට තවත් 19ක් එක්වීය. ඊයේ හමු වූ 20 දෙන සමග මෙරටින් හමුවූ සමස්ත…

අද තවත් කොරෝනා ආසාදිතයින් 10ක් ; එකතුව 879යි

අද සවස වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනකු අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වීය. ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 879 ක් බවට පත්විය. අද හමු වූ ආසාදිතයන් 10 දෙනාගෙන් 9 ක් ම නාවික හමුදා භටයන් බව ද වාර්තා වීය.

ජුලි මැද මැතිවරණය තියන්න ජුනි මුල ඇඳිරි නීතිය ඉවත් කරන්න රජය සූදානම්!

ජුලි මාසයේ මැද මහ මැතිවරණය පවත්වන්නේ නම් ජුනි මස මුල වනවිට ඇඳිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට රජය සුදානම් බව රජයේ වගකිව යුත්තන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව රාත්‍රී කාලයේ ඇතුළුව සියලුම ඇඳිරි නීති ක්‍රියාමාර්ග නතර කරනු ඇත. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ අදහස වී ඇත්තේ ඇඳිරි නීතිය නැතත් අනෙක් සියලු…

‘හිරු’ හා ‘අද දෙරණ’ TV අනවසරයෙන් ගෙවල්වලට කඩා වැදීමෙන් සියලු මාධ්‍යවේදීන්ට දොරගුළු වැසේ!

කෝවිඩ් 19 වෛරසයෙන් ආසාදිත වූ බවට සැක කෙරෙන පුද්ගලයකුගේ නිවහනට අනවසරයෙන් ඇතුල් වී පවුලේ සාමාජිකයන් මහත් සන්තාපයට පත් කිරීමෙන් මාධ්‍ය ආචාර ධර්ම කඩ කළ බවට ට චෝදනා ලබන ‘හිරු’ හා ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකා නිසා අනිකුත් මාධ්‍යවේදීන්ටත් වැලිගම නගර සභා බල ප්‍රදේශය තුල වාර්තාකරණයට තහංචියක් පැනවී තිබේ.   ‘හිරු’  හා ‘අද දෙරණ’ නාලිකා ප්‍රධානින් වෙත…

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 6යි. 6ම නාවික හමුදාවේ. මුළු ගණන 869 දක්වා ඉහළට

ඊයේ (11) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.  “මීට මොහොතකට පෙර කරාපිටිය රසායනාගාරයේ ප්‍රතිඵල ලැබුණා. ඒ අනුව හය දෙනෙක් රෝගීන් වාර්තා වෙනවා. මේ හය දෙනාම නාවික භටයින්. කෙසේවෙතත් මේ සංඛ්‍යාව අඩුවෙන බව පේනවා. ඒ වගේම වෙනත් ස්ථානවලින් වෙනත් තැන්වලින් රෝගීන් වාර්තා වීම අඩුවෙනවා”…

නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා – සාප්පු සංකීර්ණ විවෘත කරයි

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය ඊයේ  (11) නිවේදනය කළේය. ඒ අනුව ආපනශාලා, තේ හා කෝපිහල්, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ මෙන්ම රට තුළ සංචාරය කිරීමට ද බ්‍රහස්පතින්දා (14) සිට අවසර ලබාදෙන බව නවසීලන්ත රජය සඳහන් කළේය. මැයි 18 වැනිදා පාසල් විවෘත කළ හැකි බවත් මැයි 21 වැනිදා බීමහල් විවෘත කළ…

තවත් අමාත්‍යංශ හයක ලේකම් තනතුරු වෙනස් වෙයි

කැබිනට් අමාත්‍යංශ කිහිපයක ලේකම් තනතුරු වෙනස් කර තිබෙනවා. ඒ අද අලුතින් පත් කෙරුණු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට අමතරවයි. ඒ අනුව පහත පරිදි නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කර තිබෙනවා. එස්.එම්. මොහොමඩ් මහත්මිය – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එස්.හෙට්ටිආරච්චි මහතා –  සංචාරක…

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා අද (11) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. සෞඛ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ඉවත්වීමෙන් අනතුරුව සංජීව මුණසිංහ මහතා අදාල තනතුර සඳහා පත් කෙරිණි. සංජීව මුණසිංහ මහතා මෙතෙක් යුද හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිළධාරී සහ යුද හමුදා සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසයි…

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් 7 ක් ලබන සතියේ සලකා බලයි

පාර්ලිමේන්තු මැතිවරණය  ලබන ජූනි මස 20 වැනිදා   පැවැත්වීමට  එරෙහිව  නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු  කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් 7 ක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්   ජයන්ත  ජයසූරිය  ,  එස්. තුරෙයිරාජා මහතා  සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන්…

කොරෝනා සමග ජීවත්වෙන්න අප පුරුදු විය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ

කොරෝනා වැනි මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක දී එය සම්පුර්ණයෙන් තුරන් කිරීම නැතහොත් කොරෝනා බින්දුව කිරීම කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය. කළ හැකි වන්නේ අපට එතරම් හිරිහැරයක් නොවන ප්‍රමාණයට රෝගය පාලනය කිරීම පමණක් බව පැවසු ඒ මහතා රෝගය සමග ජීවත් වීමට අප හුරුවිය යුතු බව ද පැවසීය. පෞද්ගලික රුපවාහිනී…