කොවිඩ් මරණ 13,000 ඉක්මවයි ; අද මරණ 55 යි ; නව ආසාදිතයින් 855 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 55 ක් තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,000 ඉක්මවා ගියේ ය. අද සවස එය සටහන් වුයේ 13,019 ක් වශයෙනි. රජය අද කළ නිවේදනයට අනුව මෙරටින් අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 855 කි. ඒ  අනුව මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 519,630…

ත්‍රස්තවාදී පනත වෙනස් කරන්න ආණ්ඩුව යුරෝපා සංගමයෙන් කල් ඉල්ලා ගනී

හිතුමතේ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට රඳවාගනීමට රජයට ඉඩ ලැබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන බව ආණ්ඩුව යුරෝපා සංගම් නියෝජිතයින්ට පොරොන්දු වූ බවත්, ඒ සඳහා ගෙන ඇති පියවර දැනුම් දුන් බවත්  සහ කෙටි කාලයක් තුළ එම කටයුතු නිම කිරීමට පොරොන්දු වූ බවත්, යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කොට ඇත. එමෙන් ම, රාජ්‍ය සේවයේ…

සජිත්ගේ ‘සමගි’ ජන බලවේගය කණ්ඩායම් පහක් ලෙස සමගියෙන් !

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය පක්ෂය මේ වනවිට කණ්ඩායම් පහක් ලෙස බෙදී ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. මෙම කණ්ඩායම් පහ ලෙස වෙන් වී ඇත්තේ සජිත්ගේ කණ්ඩායම, සජිත් විරෝධී පිරිස, චම්පික රණවක මහතා සමග වැඩ කරන කණ්ඩායම, රනිල් වික්‍රමසිංහ මහතා සමග සම්බන්ධ කණ්ඩායම, සහ වෙන ම වැඩ කරන සුළුතර පක්ෂ…

අද කොවිඩ් මරණ 58 යි ; නව ආසාදිතයින් 893 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 58 ක් රජය අද නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964 ක් ලෙස අද වාර්තාවල සඳහන් වෙයි. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 893 කි. මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 518,775 ලෙස වාර්තා වෙයි.

මහ බැංකු අධිපතිගේ විශ්‍රාම වැටුපට එරෙහිව රිට් පෙත්සමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසත් , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (01) රිට් පෙත්සමක් ගොනු කරිණි. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික…

ආනයනවලට පැනවූ අනිවාර්ය ආන්තික තැන්පතු නියෝග මහ බැංකුව රිවස් කරයි

රෙදිපිළි ඇතුළු භාණ්ඩ ගණනාවක් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය නොවන බව තීරණය කරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව එම භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබු අනිඅවර්ය ආන්තික තැන්පතු කොන්දේසිය වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කොට තිබේ. භාණ්ඩ 623 ක් ආනයනයේ දී සියයට 100 ක් ආන්තික තැන්පතුවක් කළ යුතු බවට මහ බැංකුව කොන්දේසි පනවන ලද්දේ පසුගිය මාසයේ මුල දී…

ආර්ථිකය යළි පණගන්වන කබ්රාල්ගේ සැලැසම ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ අද (01) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද පෙරවරුවේ මෙම එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි…

අද කොවිඩ් වාර්තාව ; මරණ 59 යි ; නව අසාදිතයින් 912 යි.

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 59 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,965 ක් වෙයි. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 912 කි. මෙරටින් මෙතික් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 517,377 ක් වශයෙනි. මේ අතර දින 43 ක් තිස්සේ…

වරායෙන් කිරිපිටි නිදහස් කරගන්න මුදල් ලැබී නැහැ ; ප්‍රතිඅපනයනය කරන බව ආනයන කරුවෝ කියති

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත. වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29)…

වත්මන් අකරතැබ්බ වලට මුල යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි – එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වත්මන් ආණ්ඩුව ආර්ථික අතින්  කඩාවැටීමට මුල කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට  වෙනස් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුව මෙි යන විදියට දිගටම ගියොත්  2035 වන විට රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න නොහැකි වන තරමට රටේ ආර්ථිකයට…

කොළඹ බටහිර ජැටිය ඉන්දියාවේ අදානිට දෙන ගිවිසුමට අත්සන් කරයි ; 51% අදානිට

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට බහුතර කොටස් හිමිවන ගිවිසුමට අද කොළඹ දී අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, අදානි සමාගම, සහ ජෝන් කීල්ස් සමාගම අතර මෙම ගිවිසුම අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම අනුව බටහිර ජැටියේ සියයට 51 ක අයිතිය අදානි සමාගමටත්, සියයට 34 ක් ජෝන් කීල්ස් සමාගමටත් හිමිවන අතර…

මාධ්‍යවේදීන් දඩයම් කර දූෂිතයන් ආරක්ෂා කිරීමේ නිර්ලජ්ජිත උත්සාහය” හෙළා දකිමු – මාධ්‍ය සංවිධාන එකමුතුව.

පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ, එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි කළ සතොස ආයතනයේ සිදු වී ඇති, සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ ලංකාදීප, දිවයින  හා දි අයිලන්ඩ් පුවත්පත් හි  මාධ්‍යවේදීන්, පරීක්ෂණයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින මාධ්‍ය සංවිධාන එකතුව, මෙය දූෂිතයන් ආරක්ෂා කිරීමට ද,…