නියෝජ්‍ය කථානායක ධූරය පොහොට්ටුවේ අජිත් රාජපක්ෂට

  පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අද (17) පැවැති ඡන්ද වීමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබෙයි අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබාගත් අතර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ  රෝහීණි කවිරත්න මන්ත්‍රීතුමිය ඡන්ද 78 ක් ලබා ගත්තේ ය.  අවලංගු ඡන්ද 23 ක් වාර්තා විය මේ අනුව වැඩි ඡන්ද…

රනිල්ගේ ආණ්ඩුවට සහය දෙන හැටි ආචාර්ය හර්ෂ කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගෙන ආර්ථිකය මෙහෙයවීමේ කටයුතුවලට සහය දීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට විශාල බලයක් හිමිවන බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එමගින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට…

අගමැතිකමට සුදුසුම කෙනා රනිල් ; රට ගොඩදාන්න පුළුවන් ඔහුට පමණයි – බෙංගමුවේ නාලක හිමි

  මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති. ඊට හේතුව රනිල් වික්‍රමසිංහ හොඳ කෙනෙක් නිසා නොව බවද උන්වහන්සේ පැවසූහ. මේ මොහොතේ රට වැටී ඇති ආර්ථික අර්බුදය ජාත්‍යන්තර සහයෝගය මත ගොඩ නැංවීමට හැකි පාර්ලිමේන්තුවේ සිටින එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයිද උන්වහන්සේ සඳහන් කළහ. උත්සවයක්…

රනිල්ගේ වැල් පාළමේ ගීතය….! – මහේෂ් හපුගොඩ

  රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත්…

සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරුන් ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස්

  සාමාකාමී උද්ඝෝෂකයින් සිටි ‘මයිනා ගෝ ගමට’ සහ  ‘ගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විර්ශන සම්බන්ධ උධෘත ඇතුළු සංක්‍ෂප්ත තොරතුරු නීතීපති දෙපාර්තමෙන්තුවේ…

සියලු පක්ෂවල ජාතික සභාවකින් තීරණ ගත යුතුයි – අගමැති රනිල් වික්‍රමසිංහ

වත්මන් ගැටලුවලට පිළිතුරු ලබාගැනීම සඳහා සියලු පක්ෂවල සහභාගීත්වයෙන් දේශපාලන මණ්ඩලයක් හෝ ජාතික සභාවක් හෝ පිහිටුවීම අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. එවිට සියලු පක්ෂ එකඟ වන නිශ්චිත කාල රාමුවක් තුළ කෙටි කාලීන , මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන වැඩ සටහන් ක්‍රියාවට නැගිය හැකි යයි ඒ මහතා කීය. අද සවස ජාතිය අමතමින්…

අභියෝගය බාර ගත්තේ අනාගතය බේරා ගන්න – අගමැති රනිල් වික්‍රමසිංහ

  අභියෝගය භාර ගත්තේ පුද්ගලයෙක්,  පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නොව මුළු රටේම ජනතාව මෙන්ම තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. බාරගත් අභියෝගය ජීවිතය පරදුවට තබා හෝ ජය ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශය කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා…

ගෑස් නැව් දෙකකට හෙට මුදල් ගෙවයි ; දිනකට සිලින්ඩර 80,000ක් වෙළෙඳ පොළට

  මෙරටට පැමිණ ඇති ගෑස් නැව් දෙකකට හෙට මුදල් ගෙවන බවත්, මෙම මස 18 වැනිදා (අනිද්දා) සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව වෙළෙඳපොළට  සපයන බවත්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු විජිත හේරත් මහතා පැවසීය. ගෘහස්ථ ගෑස් තොග රැගත්   නැව් දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7ක්  හෙට (17) ගෙවීමට නියමිත බවත් විජිත හේරත් මහතා…

‘අර්බුදයට විසඳුම නායකයන්ගේ උඩඟුකම බිම තැබීමයි‘ – හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

  රටේ දීගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ රට ගැන සිතන, පවූලකට කේන්ද්‍ර නොවූ, තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන සහ චෞරයන් නොවූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනූවෙන් පෙනී සිටීමෙන් පමණක් යැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. වර්තමානය බලකර සිටින්නේ ළදරුවන් නොවූව ද දේශපාලනය ‘අ’ යන්නෙන් නැවත පටන්ගත යූතුව ඇති බව යැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය….

අර්බුදය මාසයකට වඩා දිග් ගැස්සුවේ සජිත් – සමාජ ක්‍රියාකාරීහු චෝදනා කරති

අර්බුදය විසඳීමට කිසිදු වගකීමක් නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගට ක්‍රියාකිරීම නිසා එය වඩා යහපත් ආකාරයෙන් විසඳා ගැනීමට තිබුණු අවස්ථා අහිමි වූ බවත්, අර්බුදය මාසයක් පමණ කාලයක් තිස්සේ දිග් ගැසීමට මෙන් ම රට වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්වීමට ද එය ම හේතු වූ බවත්, විපක්ෂයේ සහ සිවිල් සමාජයේ ක්‍රියාකාරීහු චෝදනා කරති. වරෙක තමන්ට විපක්ෂයේ…

බල ශක්ති ප්‍රශ්නය ඉදිරි සතියේ විසඳන්න විකල්ප මාර්ග වලින් ඩොලර් සොයනවා – අගමැති රනිල් කියයි

රට මුහුණ දී සිටින බලශක්ති ප්‍රශ්නය විසඳීම සඳහා  ඉන්ධන මිල දී ගැනීමට බැංකු සතුව ඩොලර් නොමැති බැවින් විකල්ප මාර්ගවලින් ඩොලර් සපයාගැනීමට ක්‍රියා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය. රටේ ආර්ථික තත්ත්වය පිලිබඳ මේ වනවිට අධ්‍යයනය කොට අවසන් බවත්, ඒ පිලිබඳ වාර්තාවක් හෙට දිනයේ ලබාදෙන බවත්, ඒ මහතා වැඩි දුරටත් පැවසීය. ලෝක බැංකුව,…

විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 සහයත් රනිල්ට ; හෙට (16) උදේ දහයට හමුවෙති

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සහය දීමට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහත්වරුන් නායකත්වය දෙන පක්ෂ 10 කණ්ඩායම තීරණය කොට ඇති අතර ඒ පිලිබඳ වැඩි දුර සාකච්ඡාවක් සඳහා එම පක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් හෙට (16) උදේ 10.00 ට පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙම පක්ෂ…