රනිල්ගේ ආණ්ඩුවට සහය දෙන හැටි ආචාර්ය හර්ෂ කියයි

අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගෙන ආර්ථිකය මෙහෙයවීමේ කටයුතුවලට සහය දීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
අගමැති රනිල් වික්රමසිංහ මහතා යටතේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට විශාල බලයක් හිමිවන බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එමගින් ආණ්ඩුවේ ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලියට විශාල දායකත්වයක් දිය හැකි බව කියයි.
ආණ්ඩුවේ ඇමති ධුර භාර නොගන්නා බවට සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ගෙන ඇති තීරණයට ගරු කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.
