ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුල්‍ය අරමුදලෙන් වෙන ම තක්සේරුවක්

  ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව ගැන වෙන ම අධ්‍යයනයක් කොට ඔවුන්ගේ ම තක්සේරුවකට එළඹ ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඒ සඳහා ඔවුන් මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් සියලු දත්ත ලබාගෙන ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තාක්ෂණික සහ නීති උපදේශක  කටයුතු කරන ලෆාර්ඩ් සහ ක්ලිෆර්ඩ්…

ගෝටාභය අගමැති කරන්න තීරණයක් නැහැ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. ගෝටාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර සාකච්චාවක් සිදු කර නැති බවත් ඔහු තවදුරටත් දේශපාලනයේ සිටිනවාද නැද්ද යන්න තීරණය කර නැති බවත් විජේවර්ධන…

විමල් ‘උත්තර සභාගය ‘ හදද්දී පක්ෂ දහයෙන් තුනක් ඉවතට !

ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ දහයේ කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා අද සවස මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී විමල් වීරවංශ මහතගේ නායකත්වයෙන් යුතු ‘උත්තර සභාගය’ ප්‍රක්ෂය ප්‍රකාශයට පත් කරන විට එහි මුලින් සිටි පක්ෂ දහයෙන් තුනක් ඉවත් කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් මහජන පක්ෂය, ඒ…

ගෝටා ගෙනා මහ බැංකු අධිපතිට පොහොට්ටුවෙන් ප්‍රහාර ; ආරක්ෂාවට සජිත් !

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පසුගිය අප්‍රේල් මාසයේ මහ බැංකු අධිපති ලෙස පත්කළ ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ණය ගෙවීම නැවත්වීමට පාර් ලිමේන්තුවට නොදන්වා තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස විවේචනය කරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහ බංකු අධිපතිගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්…

ර්පලිමේන්තුව ඇල්ලුවා නම් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉවරයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස්…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ; වසර පහක් නොගෙවා ඉන්න ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් !

    මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වසර පහක කාලයක් ණය නොගෙවා සිටීමට ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර් ය නන්දලාල වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙරට ද්වි  පාක්ෂික ණය හිමියන්ගෙන් මෙම සහනය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි. එලෙස ණය නොගෙවන කාලයේ පොලිය ගෙවීමට සිදුවනු ඇතැයි කියති. වසර පහකින් පසු එකඟ…

හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි

  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ . දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි . (ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර) ලංකාදීප  

අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි

  ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද  115   කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද  120   ක්ද විපක්ෂව ඡන්ද  5  ක්ද ලැබිණි. මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ජාතික…

ණය කොන්දේසි ගැන මුල්‍ය අරමුදලින් නිවේදනයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමග ඇති කරගත් කාර් ය මණ්ඩල මට්ටමේ එකඟතාව සහ එයට ඇතුලත් කරුණු ගැන නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි මෙහෙවර අවසන් මාධ්‍ය නිවේදනවලට රටක සංචාරයකින් පසු මූලික සොයාගැනීම් ඉදිරිපත් කරන IMF කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ ප්‍රකාශිත අදහස් IMF කාර්ය මණ්ඩලයේ අදහස් වන…

ඩොලර් සංචිත ගැන කල් තියා දැනුම් නොදී මුදල් මණ්ඩලය කළේ බරපතළ වරදක් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

  රටේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන විස්සට වැටී තිබුණු අවස්ථාවේදී එය මැතිසබයට කල් තියා දැනුම් නොදීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කළේ සමාව ලබා දිය නොහැකි බරපතළ වරදක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී  අද (1) පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දේශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවට පෙරේදා…

’’රටෙි මිනිස්සු තවත් වට්ටන්න බෑ’’ – ජනාධිපති අයි එම් එෆ් හමුවේ කියයි

  ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග  ජනාධිපති කාර්යාලයේ අද (1) පැවති සාකච්ඡාවේ දී ය. විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය…

ආයෝජකයන් ආරක්ෂා කරන්න ජනපතිගෙන් කාර් ය සාධක බලකා 08ක්

  යහපත් ආයෝජන අවස්ථා බිහිකිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා අටක් ස්ථාපිත කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදු කෙරිණි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායන් බලගැන්වීම සිදු විය. නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා…