විමල් ‘උත්තර සභාගය ‘ හදද්දී පක්ෂ දහයෙන් තුනක් ඉවතට !

ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ දහයේ කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා අද සවස මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී විමල් වීරවංශ මහතගේ නායකත්වයෙන් යුතු ‘උත්තර සභාගය’ ප්‍රක්ෂය ප්‍රකාශයට පත් කරන විට එහි මුලින් සිටි පක්ෂ දහයෙන් තුනක් ඉවත් කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් මහජන පක්ෂය, ඒ එල් එම් අතාවුල්ලා මහතාගේ එක්සත් මහජන කොන්ග්‍රසය, සහ අසංක නවරත්න මහතාගේ ශ්‍රී ලංකා මහජන පක්ෂය මෙලෙස නව සන්ධානයෙන් ඉවත් කොට තිබේ.

මෙයින් ටිරාන් අලස් මහතා මේ වන විටත් ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන අතර අනෙක් දෙදෙනා ඉදිරි කාලයේ ආණ්ඩුවට එක්වීමට තීරණය කොට ඇති බව කියති.

ඒ අනුව අද ප්‍රකාශයට පත් කරන සභාගයට අයත් පක්ෂ වන්නේ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය සහ විජය ධරණී ජාතික සභාව යන පක්ෂ හතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *