මුදල් ප්‍රතිපත්තිය ලිහිල් නොකෙරේ – මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව තම මුල්‍ය ප්‍රතිපත්ති ලිහිල් නොකිරීමට තීරණය කොට තිබේ ඒ අනුව,මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.50% සහ 15.50%ක් ලෙස පවතින මට්ටමේ ම තබාගැනීමට තීරණය කර තිබේ. උද්ධමන තත්ත්වය ලිහිල් වීම මත මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළ…

ජාතික ප්‍රශ්නය විසඳීමට ර්සව පාක්ෂික සමුළුවක්

  දෙමළ ජනයා මුහුණ දෙන ජනවාර් ගික ප්‍රශ්නයට අවසන් විසඳුමක් සඳහා ර්සව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී කළ යෝජනාවට ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ එකඟත්වය ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන්, සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මනෝ ගනේෂන් , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් එයට…

සන්ධානයේ පක්ෂ 5ක් නව ලේකම්ව නොපිළිගනී

තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව…

|

රාජ්‍ය ඇමැති චාමර සම්පත්ට මන්ත්‍රී කියා ඇමතුවාට කතානායක සමාව ගනී

  ප්‍රාථමික ර්කමාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතාට මන්ත්‍රීතුමා ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද එතුමාගෙන් සමාව ඉල්ලා සිටියේය. තමන් දැන් මන්ත්‍රී නොව ඇමැතිවරයකු බවත්, ජනාධිපතිතුමා තමන්ට ඇමැති ධුරයක් දුන් බවත්, කියමින් චාමර සම්පත් ඇමැතිවරයා තමන්ට මන්ත්‍රීතුමා ලෙස කතානායක තුමා ආමන්ත්‍රණය කිරීම ගැන විරෝධය පළ කළේය. කතානායක තුමා සමව ඉල්ලා…

ලන්සාට පහර දෙන්න හැදුවාට චමින්ද මැතිසබෙන් ඉවතට

  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු  සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට  සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය. සභාවේ ඊයේ දිනයේ කටයුතුවලට  විජේසිරි මන්ත්‍රීවරයා සහභාගී කර නොගන්නා බවද  කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය. මේ අනුව විජේසිරි…

’’ආණ්ඩු වෙනස් කරන්න අරගල කරන්න දෙන්නේ නෑ’’ – ජනාධිපති

    ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් අදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත්…

ජනාධිපතිගේ ආරාධනය නිසා අයවැයට විරුද්ධ වීමෙන් වැළකී සිටියා – දෙමළ ජාතික සන්ධානය

  ආණ්ඩුවේ 2023 අයවැය ලේඛනය සම්බන්ධයෙන් ඊයේ පැවති ඡන්ද විමසීමේ දී  දෙමළ  ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට සිටි නමුත් ජනපති උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා  ආරාධනා කර තිබෙන හෙයින් අයවැයට ඡන්දය දීමෙන්  වැළකී සිටීමේ තීරණයට එළඹි බව දෙමළ ජාතික සන්ධානයේ  යාපනය  දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අද  පාර්ලිමේන්තුවේදී පැවසීය. දෙමළ ජාතික ප්‍රශ්නයට…

විපක්ෂ නායක සජිත් අද මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳ අනුගාමිකයෙක් වෙලා – ජනාධිපති රනිල් මැතිසබයේ දී කියයි

  විකිණිය යුත්තේ පාඩු ලබන ආයතන පමණක් බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කී බවත්, අද එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කී බවත්, ඒඅනුව මහින්ද රාජපක්ෂ මහතාට හොඳ අනුගාමිකයකු ලැබී ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය. ජේ ආර් ජවර්ධන මහතාගේ පාලනය යටතේ ආර්ථිකය විවෘත කළ ද එහි ඊළඟ පියවර…

චන්ද්‍රිකා – නිමල් පක්ෂයෙන් පන්නයි

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත. ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ…

අයවැය වැඩි ඡන්ද 37 කින් සම්මතයි

  ආණ්ඩුවේ අයවැය අද පාර් ලිමෙන්තුවේ දී වැඩි  ඡන්ද 37 කින් සම්මත වීය. 2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය. එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය. ඡන්ද විමසීම අද…

අයවැය ඡන්දය අද ; පොහොට්ටුව පක්ෂයි; සජබ, ශ්‍රීලනිප විරුද්ධයි

  2023 වසර සඳහා ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති අයවැය ලේඛනය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත ය. අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇති අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත.

එජනිස ලේකම් අමරවීර ඉවතට ; තනතුර තිලංගට

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ සන්ධානයක් ලෙස කලක් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කර, තිලංග සුමතිපාල මහතා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත. එම පක්ෂ මධ්‍යම කාරක සභාව  පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන…