ජාතික ප්‍රශ්නය විසඳීමට ර්සව පාක්ෂික සමුළුවක්

 

දෙමළ ජනයා මුහුණ දෙන ජනවාර් ගික ප්‍රශ්නයට අවසන් විසඳුමක් සඳහා ර්සව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී කළ යෝජනාවට ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ එකඟත්වය ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන්, සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මනෝ ගනේෂන් , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් එයට කැමැත්ත ප්‍රකාශ කළ අතර යුතුකම ජාතික සන්ධානයේ ගෙවිඳු කුමාරතුංග මහතා කීවේ බලය බෙදීමට බහුතර ජනයා විරුද්ධ බවයි.

අයවැය අවසන් වූ වහා ම පක්ෂ සමුළුව කැඳවන ලෙස සුමන්දිරන් මහතා කළ යෝජනාවට එකඟ වෙමින් ජනාධිපතිතුමා කීවේ අයවැය විවාදය අවසන් වීමෙන් පසු සතියේ ම එය කැඳවීමට ක්‍රියා කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර් ලිමේන්තුව අමතා අද කළ කතාව අවසානයේ මෙම එකඟත්වය ඇති වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *