ප්‍රතිව්‍යුහගත නොකර ශ්‍රී ලංකාවේ ණය තිරසර කරන්න චීනය යෝජනා කරයි !

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයේ දී චීනයේ යෝජනාව වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව තවත් ආධාර සපයමින් ණය තිරසාර බව ඇතිකිරීම බව චීනයේ ප්‍රකාශ නිරීක්ෂණය කරන විචාරකයෝ කියති. චීනයේ මෑත කාලීන ප්‍රකාශ මගින් කියන්නේ ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සඳහා විසදුම් ලබාදීමට ජාත්‍යන්තර සංවිධාන එකට වැඩ කළ යුතු බව යි. ණය ප්‍රතිව්යුහගතකිරීම යන වචනය හෝ භාවිතා කිරීමෙන්…

2015-2019 ආර්ථික ප්‍රතිපත්ති අරගලය ‘යුද්ධයක්’ වූ බව ශ්‍රී ලංකා ජනපති කියයි

  තමාගේ අවසන් ධූර කාලය තුළ අභ්‍යන්තරයට යොමු වූ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ආපසු හැරවීමට සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි කිරීමට ඔහු දැරූ උත්සාහයට දේශපාලකයින් සහ ව්‍යාපාරිකයින් යන දෙඅංශයෙන්ම විරෝධතා එල්ල වූ බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. “අගමැතිවරයා ලෙස ගත කළ වසර 4.5 තුළ මෙම ආර්ථිකය වෙනත් දිශාවකට ගෙනයාමට ගත් උත්සාහය” ගැන…

ශ්‍රී ලංකාවේ ණය ර්අබුදය ගැන මුල්‍ය අරමුදලේ ප්‍රධානීට , ලෝක බැංකු සභාපතිට චීනයෙන් කැඳවීමක්

  ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ඇතුළු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මියට සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතාට මේ සතියේ චීනයේ බෙයිජිං  නුවරට පැමිණෙන ලෙස ආරාධනය කොට ඇති බව චීන විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි. චීනයේ බෙයිජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී  එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාවෝ ජින් මහත්මිය ප්‍රකාශ…

පොහොට්ටුවේ ජනප්‍රියතාවය සියයට 40 ට අඩුයි !- බැසිල්ගේ සමීක්ෂණ වාර්තාවකින් කියයි

  රටේ ජනමතය පිලිබඳ තමන් කළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර ජනමතය බෙදී ඇති බවත්, එම කිසිදු බලවේගයකට සියයට 40 ඉක්මවූ ජනප්‍රියතාවයක් නැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. වයඹ පළාත තුළ තවමත් තම පක්ෂය ඉදිරියෙන් සිටින බවත්,…

සජබ මන්ත්‍රීනිය ජනාධිපති හමු වී පොහොට්ටු ඇමතිගේ ඉඩම් බෙදීමක් නවත්තලා !

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ ඇමැතිවරයා ලග්ගල ප්‍රදේශයේ රජයේ ඉඩම් බෙදා දීමට කළ සැලසුමක් තමා ජනාධිපතිතුමා හමු වී නවතාගත් බව සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය අද ප්‍රකාශ කළාය රොෂාන් රණසිංහ ඇමැතිවරයා ලග්ගල ප්‍රදේශයේ තම හිතවතුන් පිරිසකට මෙම ඉඩම් බෙදා දීමට සැලසුම් කොට තිබු බව…

විදුලි බිල වැඩි නොකලොත් පැය හත අටක විදුලි කැපීමක් – ඇමැති කාංචන විජේසේකර

  විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන වසරේ සිට පැය 7-8ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු ඇති බවද හෙතෙම කියා සිටියේය. එනිසා ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු අනිවාරෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොකළහොත් රටට ම…

කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි

   කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ද  දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවද  ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹ වරායේ…

කොළඹ වරායේ නැගෙනහිර ර්පයන්තය ජපානයට – ජනාධිපති

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකාව ජපානයට පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් ඉන්දියාව සහ ජපානය සමඟ පැවති ECT ගනුදෙනුව හිටපු ජනාධිපතිගේ රජය අවලංගු කිරීමෙන් පසු ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දී ඇත. “අපිට ඇත්තටම ඒක කරන්න අවශ්‍ය නම් අපි…

ණය නොකපන ප්‍රතිව්‍යුහගත කිරීමකින් ශ්‍රී ලංකාවට වැඩක් නැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

ප්‍රධාන මාධ්‍යවල පළ වී ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉන් කොටසක් කපා හැරීමකින් තොරව සහන කාලයක් පමණක් ලැබෙන්නේ නම් එයින් මෙරටට විශාල සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විද්‍යාඥ ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. එයට හේතුව ලෙස ඒ මහතා කියන්නේ එම සහන කාලයෙන් පසු පොලියත් සමග ණය ගෙවීමට ශ්‍රී…

මා එජාපයට හෝ සජබට යන කතා බොරු – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කර ඇත්තේ තමන් එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වී ඇති බවය. අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ, මාධ්‍ය නිවේදනයයි….

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය කපා හැරීමක් නැහැ !

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට යෝජනා වනු ඇතැයි අපේක්ෂා කළ ද , පැරිස් සමාජය දැන් ඉදිරිපත් කොට තිබෙන  යෝජනාව අනුව කටයුතු කරන්නේ නම්, කපා හැරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවනු ඇතැයි ද ආර්ථික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති. මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් එයට ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීම ද…

ශ්‍රී ලංකාවට වසර 10 ක් ණය සහන කාලයක් – පැරිස් ක්ලබ් යෝජනා කරයි

  ශ්‍රී ලංකාවේ පවතින මුදල් අර්බුදය විසඳීම සඳහා සූත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක ණය සහන කාලයක් සහ වසර 15 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්  සඳහා  ණය දෙන ජාතීන්ගේ පැරිස් ක්ලබ් කණ්ඩායම යෝජනා කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි. එසේ වුව ද ,  ශ්‍රී ලංකාවේ ප්‍රධන ණය හිමියන් වන චීනය සහ…